පොලීසිය කඩා පනී.. ලංවිම මෑන්පවර් විරෝධතාකරුවන් කුදලාගෙන යයි..
January 25, 2017 at 8:40 am | lanka C news
කොලඹ විදුලිබල හා බල ශක්ති අමාත්‍යංශ ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධයේ යෙදී සිටි මණ්ඩලයේ මිනිස් බල සේවකයින් 37 දෙනකු පොලීසිය විසින් ඊයේ රාත්‍රීයේ අත්අංගුවට ගෙන ඇත.
මෙම ස්ථානයේ විරෝධතා නොපවත්වන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබියදී එය නොතකා දිගටම විරෝධතාවයේ නිරත වූබ හේතුවට මෙම පිරිස අත්අඩංගුව ගෙන ඇති අතර ඔවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරයි.
අපේ රටේ ගොඩක් බහු ජාතික සමාගම් කලක සිටන් කළ සහ අදටත් කරන දෙයක් මේ මිනිස් ජාවාරම. බොහෝවිට සේවකයෙක් ගන්න පඩිය වගේ හතර පස් ගුණයක් අදාල සමගම අයකර ගන්නවා.එතැනදී ඉන් කුට්ටියක් එම සේවය ලබාගන්න සමාගමේ ලොක්කන්ටත් ලැබෙනබව එවැනි සමාගම්වල සේවය කරන කට්ටිය ඉහ්ටමත් හොඳින් දන්නවා. සමහරවිට මේ මෑන් පවර් සමාගම් වල අදිසි අධ්‍යක්ෂකවරු වෙන්නේ මෙමෙ මෑන් පවර් සේවය ලබාගන්න සමාගම්වල ලොක්කෝ.ලංකාවේ තියෙන බහු ජාතික සමාගම් වන කොකා කෝලා, IBM , යුනිලීවර් වගේ සමාගම්වල අනාදිමත් කාලයක සිට කරන මේ වැඩේ දැන් රජයේ ආයතනවලටත් බෝ වෙලා තියෙන්නේ ලොක්කන්ට ලැබෙන හොද්ද හොඳ නිසා. එත් අභාග්‍යකට කරුණ නම් කම්කරු ශිෂ්‍ය අයිතිවාසිකම් ගැන කයිවාරු ගහන ජනතා විමුක්ති පෙරමුණ ත් මේ සම්බන්ධයෙන් ඇටි කොහොල් ගිල්ල උගුදුවෝ වගේ ඉන්නේ මොකද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම මේ වෙනකොට විදේශ රැකියා සැපයීමේදීත් මේ මෑන් පවර් ක්‍රමයට මිනිස් ජාවාරම සිදු වෙනවා. කොහුවල තියෙන දිලිජන්ට් කන්සල්ටින් නමැති ආයතනය මේ සඳහා හොඳ උදාහරණය ක්.