පොලීසිය ජාතිවාදී මැරයන් වී යතුරුපැදිකරුවෙකුට අමානුෂිකව පහර දීලා..
June 3, 2018 at 12:05 am | lanka C news
සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
ලේකම්
ජාතික පොලිස් කොමිෂන් සභාව,
කොළඹ.
ගරු ලේකම්තුමනි,
නුගේගොඩ දී යතුරුපැදිකරුවෙකුට පොලිසියෙන් පහර දීම
2018 ජුනි 1 වනදා උදෑසන 8.30ට පමණ නුගේගොඩ පිට්සා හට් ආයතනය අසලදී පෞද්ගලික උපාධි විභාගයට සඳහා ගමන්ගත් 22 හැවිරිදි යතුරුපැදිකරුවෙකු හා පසුපැදි කරුවෙකු නවතා පොලිසිය යතුරුපැදිකරුට අසත්‍ය චෝදනාවක් එල්ල කර තිබේ. ඉන් පසු ඔහු මුස්ලිම් ජාතිකයෙකු ද කියා ප්‍රශ්ණය ඇසීමෙන් පසු යතුරුපැදිකරුට පොලිස් නිලධාරීයා ජනතාව මැද ජාතිවාදී ආකාරයෙන් බැණවැදීමට පටන් ගෙන තිබේ.
ඉන් පසු එය වීඩියෝ කිරීමට යතුරුපැදිකරු උත්සාහ කිරීමත් සමඟ වියරුවූ පොලිස් නිලධාරියා යතුරුපැදිකරුව තල්ලු කිරීමක් සිදු කර ඇති අතර, පසුව ඔහුව ත්‍රීරෝද රථයට නංවා ගෙන පොලිසියට රැගෙන යනවා කියා ගෙන ගොස් තිබේ.
ත්‍රීරෝද රථය පසුපසින් යතුරුපැදියේ ගමන් ගත් පසුපැදිකරු අනිත් පොලිස් නිලධාරියා සමඟ ගමන් ගෙන ඇත අතර ත්‍රීරෝද රථය පාලු පාරකට ගෙන ගොස් නවතා ඇත.
ත්‍රීරෝද රථ ගමන් ගන්නා අවස්ථාවේ එය තුලදී යතුරුපැදිකරුට පොලිස් නිලධාරියා දැඩි ලෙස පහර දී ඇති අතර එහිදි යතුරුපැදිකරු කම්පනය ලක්ව අසනීප වී තිබේ. ඊට බියවු පොලිස් නිලධාරීන් පසුව ඔවුන්ට “පොලිසියට යනවා ද? නැත්තම් විභාගයට යනවා ද?” කියා තරුණයන් දෙදෙනා බිය ගන්වා කිසිදු රථවාහන වැරැද්දක් එල්ල නොකර නිදහස් කර තිබේ.
පහර කෑමට ලක් වූ තරුණයා ලේ ගලමින් විභාගයට මුහුණ දීමෙන් පසු ඔහු සමඟ ගමන් ගත් පසුපැදිකරු අප සංගමය අමතා උදව් ඉල්ලුවේ ය. ඒ සමඟම ඔහුව කොලුබෝවිල රෝලේ හදිස්සි අනතුරු ඒකකයට ඇතුළත් කර තිබේ.
මෙවැනි ජාතිවාදීව හා මැරවරයින් ලෙස හැසිරෙන පොලිස් නිලධාරීන්ට විරුද්ධව නිසි පියවරක් නොගෙන ඔවුන්ගේ රැකියාව ආරක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරන නිසා මෙම සිද්ධීන් කිසිදු පාලනයක් නොමැතිව සිදුවේ. පොලිස් නිලධාරීන්ගේ විනය සම්පූර්ණයෙන් කඩා වැටී ඇත.
පසුගිය වසරේ දොඩංගොඩදී පොලිසියේ පහර කෑමට ලක්වු තරුණයාගේ සිද්ධිය දී ද ශ්‍රී ලංකා පොලිසියේ ඉහල නිලධාරීන් කටයුතු කරන්නේ එම නිලධාරීන්ගේ රැකියාව ආරක්ෂා කර දීමට ය. මොනයම් හේතුවක් නිසා මහෙස්ත්‍රාත්වරුන් ද පොලිසියට යටත් වී ඇති නිසා ගරු අධිකරණය ද එම නිලධාරීන් ආරක්ෂා කිරීමට උත්සාහ දරණ බව සමාජයේ නොරහසකි. දොඩංගොඩ සිද්ධියේදී ද මතුගම මහේස්ත්රාතවරයා ප්‍රසිද්ධියේ බැණවැදුණේ පහර දුන් පොලිස් නිලධාරීන්ට නොව පහර කෑමට ලක්වූ තරුණයාගේ දෙමාපියන්ට ය. ඒ පිළිබඳව පියවර ගැනීමට නොහැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව අප සංගමය වෙත දැනුම් දී ඇත.
මෙම සිද්ධිය අප සංගමය දැඩි ලෙස හෙළාදකින අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට හා නිසි පියවර ගැනීමට පොලිසියට නියෝග කරන ලෙස අපි ඉල්ලා සිටිමු. පොලිසියේ නිලධාරීන් අතින් සිදුවන මෙවන් සිද්ධීන් රට තුළ ජාතිවාදය ඇති කිරීමට දක්වා වර්ධනය විය හැක. ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් ජාතිවාදය නොමැතිව මේ යහපාලන රජයට, අධිකරණයට හා රටේ ජනතාවට කර ඇති හානිය ප්‍රමාණවත් ය. ජාතිවාදය ඇසුරෙන් විනාශ කරන්නේ මුලු මහත් රටමය.
චිරන්ත අමරසිංහ
සභාපති
ජේ ආර් මාමා අනුගමනය කරන බැනා තවත් මොනවා කියන්නද?
අම්මප මේක නම් අතේ රෝලක් .පොලිසියෙන් ගුටි කාල සිහිය නැති වෙලා. එයාම වීභාගෙට ලියලා. මාර බඩුවක් නේ. අමරසිංහ මල්ලි ඔයාගේ නමත් අර 118 ලිස්ට් එකට දැනට ඕනේ.හය්යෝ…එන් ජි ඕ සල්ලි. මට නම් අදහන්න බෑ චිරන්ත යෝ. බෝ…බෝ…බොරු…නවකතා.
පොලිස් පොන්නයන්ට ගහන්න පටන්ගමු. මුන් පගා කන බව රටම දන්නවා. සිවිල් නිතිය රකින්න ජනතාවගේ බදු මුදල් වලින් පඩි ගන්න පොලිස් පොන්නයෝ හිතන්නේ ජනතාව උන්ට බය වෙන්න ඕන කියල. ලෝකේ ඉන්නේ ජරාම පොලිස් කාරයෝ ඉන්නේ ලංකාවේ . ජනතාව මුන්ට එරෙහි උනොත් මුන් ඉගෙන ගන්නවා , පටන්ගමු දැන්වත් පොලිස් කාරයන්ට නිතිය කියාදෙන්නට …..ජනතාව එකමුතු නම් පොලිසියට එරෙහිව පටන් ගමු … රට හදන ගමන පටන් ගන්න ඕන නිතිය සදාරණය කරන ආයතනය පිරිසිදු කිරීමෙන්. ආණ්ඩුවේ ඇස අරින්න ජාති බේද නැතුව ජනතාව සමගි වෙලා පොන්න පොලිස් සුද්ද කරන්න එකතුවෙන්න . පොලිසියට බය වෙන්න එපා , අපි වැරදි වැඩ නොකරනවානම්
Menna Polisiyen guti kaapu wirayek. Okane ban kiyanne kalu gale oluwa gaha ganna baha kiyala.
පොලිසිය කියන්නේ ජනතාවගේ බදු සල්ලි වලින් පඩි ගන්න ජනතාවගේ සේවකයෝ පිරිසක් . පොලිසියේ ගොන්නු මේක තේරුම් ගන්න ඕන . පොලිස් කාරයෝ මෝඩ හරක් වගේ වැඩ නොකරත්වා. එහෙම නොඋනොත් ළඟදීම පොලිස් කාරයෝ සත පහට වෙටෙවී . සඳ ගුටි ලැබේවි පොලිස් කාරයන්නට ජනතාවගෙන්
Thama thamange aarakshawa thama thamanma sapaya gatha yuthuy …..