පොලීසිය තමන් යටතේ තබා ගන්නා බව ජනපති එජාපයට නිල ලෙස දන්වයි.. යෝජිත මද්දුම බණ්ඩාර කපා දැමේ..

December 22, 2018 at 12:01 am | lanka C news
පොලීසිය තමන් යටතේ තබා ගන්නා බව ජනපති එජාපයට නිල ලෙස දන්වයි.. යෝජිත මද්දුම බණ්ඩාර කපා දැමේ..

නීතිය හා සාමය අමාත්‍යංශය තමන් යටතේ තබා ගන්නා බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂයට දන්වා තිබේ.

කැබිනට් ඇමති ධුර බෙදා දීමට පෙර ඒ ගැන සාකච්චා කිරීමට පැමිණි අගමැතිවරයා ඇතුළු පිරිස සමග ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ.

යෝජිත කැබිනට් ඇමති ලයිස්තුවෙන් නීතිය හා සාමය ඇමති ධුරය වෙන් කර තිබුනේ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා නමිනි.

ජනාධිපතිවරයා ඊට විරුද්ද වෙමින් දන්වා ඇත්තේ තමන් ඝාතන කුමන්ත්‍රණ පරීක්‍ෂන සිදුවන බැවින් එය තමන් යටතේ තබා ගන්නා බවයි.

කලාන් මද්දුම බණ්ඩාර මහතා යටතේ නීතිය හා සාමය අමාත්‍යංශය තිබියදී එහි වැඩ කටයුතු කරන ලද්දේ අගමැති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා නේදැයි විමසා ඇති ජනාධිපති සිරිසේන එනිසා එම අමාත්‍යංශය තමන් යටතේ තබා ගන්නා බවත් එතෙක් එය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවිතිය යුතු බවත් සදහන් කර තිබේ.

25 views

7 Comments to “පොලීසිය තමන් යටතේ තබා ගන්නා බව ජනපති එජාපයට නිල ලෙස දන්වයි.. යෝජිත මද්දුම බණ්ඩාර කපා දැමේ..”

  1. gamarala says:

    අලිබබා සහා හොරුටික දැන් දැලේ

  2. CAT says:

    It is in your moments of decision that your destiny is shaped. …Don’t be afraid ….
    be a brave Sinhalese leader not a UNP ,JVP, or tamil diaspora puppet

  3. සුපර් වදන් පොලිසීය දෙන්න එපා ආරක්‍ෂක අමාත්ත්‍ය අංෂය තමා ගේ බාරේ පූජිතයා තමා ගේ ගාතනයේ කොටස් කාර්‍යෙක් තමාගේ ජන පති බලය තමාම තියාගන්න තර්ජනය දැන් වැඩියි බුදුසරණයි??????????????

  4. හැකහැක says:

    නීතිය හා සාමය රනිල් ගත්ත ගමන්ම තෙල්දෙනියේ මුස්ලිම් සිංහල ගැටුම් පැන නැංගා…ජනාධිපති මැදිහත් වී පොලිසිය රනිල්ගෙන් ඉවත් කල ගමන්ම ගැටුම අවසන්…කවුද යට හිටියේ කියලා දැන් රටම දන්නවා…පොලිසිය රනිල්ගේ අතේ තියනකොට ජෙප්පොත් පොලිස් පාට් දානවා….DIG අනුර කුමාර.

  5. බන්ඩා says:

    බැදුන්කර වැනි මගඩි අල්ලන්න පොලීසිය බාර ඇමති කෙනෙක් පත්කර තිබියදී අගමැති එම අමාත්‍යාංශයේ වැඩ තම කාර්යාලයේ සිට තම ගෝල බාලයන් ලවා කරනවා නම් එම අමාත්‍යාංශය ජනපති පවරා ගැනීම කාලෝචිතය්.

  6. desta says:

    parana horu tikama podi bath ekak dagena ewilla me rata hora nadaya kohoma goda gannada bedumkare gene hawak huwak neha mr clean harinam hire yanna onne ko high court eka ewata ko commison boruwai waruwai

Main News