පොලීසිය දැක පලා ගිය සැකකරුගේ බෑගයේ කොටි අත්බෝම්බ සහ පිස්තෝල සොයාගනී..
January 2, 2019 at 12:00 pm | lanka C news
වවුනියාව, පුලියන්කුලම, පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලිසිය දැක පලා යාමෙන් පසු සැකකරු විසින් දමාගිය බෑගයක බෝම්බ හා පිස්තොලයක් ඊයේ (01) රාත්‍රියේ හමු වූ බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.
නාදුනන සැකසහිත පුද්ගලයෙකු බෑගයක් රැගෙන නාගතම්පිරාන් කොවිල් මාර්ගයේ ගමන් කරන බවට ලද තොරතුරක් මත පුලියන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් හදිසි පරීක්ෂා කිරීමක් සිදුකිරීමට යාමේදී අදාළ සැකකරු බෑගය දමා කැළෑවට පැන පළාගොස් ඇත.
සැකකරු විසින් දමා ගිය බෑගයේ තිබී අත්බෝම්බ හතරක්, නවීන පන්නයේ මයික්‍රෝ පිස්තෝලයක්, මැගසින් එකක්, මිලිමීටර් 9 ජීවි පිස්තෝල උණ්ඩ 18ක් , මාලිමා යන්ත්‍රයක්, ජංගම දුරකතන දෙකක්, සෝල යන්ත්‍රයක්, හා කැලේ ජීවිත් වීමට හැකි වේදනානාශක බෙහෙත්පෙති, දත් බුරුසුවක්,දත් බෙහෙත් හා සරම් කිහිපයක් විවිධ වූ කෑම හා ඇඳුම් තොගයක් හමු වූ බවට පොලිසිය කියා සිටියේය.
සොයාගත් අත්බෝම්බ එල් ටි ටි ඊ සංවිධානය නිෂ්පාදිත වර්ගයේ අත්බෝම්බ වන බවද පොලිසිය මූලික විමර්ශනයන්ගෙන් අනාවරණය කර ඇති අතර, සොයාගත් පිස්තෝලය හා පතුරම් ඉතා නවීන තත්වයේ පවතින බවද ආරක්ෂක අංශ සදහන් කර සිටියේය.
මේ වන විට සැකකරු සොයා පුලියන්කුලම පොලිස් නිළධාරීන්, පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් සහ යුධ හමුදා නිළධාරීන් විසින් සැකකරු පලා ගිය කැලෑ ප්‍රදේශය සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
සංහිඳියාවට හෙම බාදා කරනව නෙවෙයි!
POHOTTU SAMAJIKAYEK WENNA ATHI. ..
හමුදා කදවුරු ඉවත් කලොත් මේ දේවල් වෙන්නෙ නෑ.