පොලීසිය වෙඩි තබයි.. පුද්ගලයෙකු මියයයි.. පේදුරුතුඩුව උණුසුම්..
July 9, 2017 at 6:47 pm | lanka C news
යාපනය පේදුරුතුඩුව වඩමාරච්චි නැගෙනහිර කුඩත්තනෙයි ප්රදේශයේදී අනවසරයෙන් වැලි ප්රවාහනය කරන ලද ට්රැක්ටරයකට පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් සිදු කරන ලද වෙඩි තැබීම් නිසා එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට පේදුරුතුඩුව පොලීසිය කියා සිටියේය.
අද (09) සවස කුඩත්තනෙයි ප්රදේශයේ මුර සංචාරයක නිරත පොලිස් නිලධාරීන් පිරිසකට අදාල අනවසරයෙන් වැලි ප්රවාහනය කරන ලද ට්රැක්ටරය හමු වී ඇති අතර එහිදී පොලීසිය විසින් නැවතීමට අන කලද ට්රැක්ටරය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලීස් නිලධාරීන් විසින් ට්රැක්ටරයට වෙඩි තබා අැති අතඅර එහිදී ට්රැක්ටරයේ ගමන්ගත් 24 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.
අදාල වෙඩි තැබීමත් සමග කුඩත්තනෙයි ප්රදේශ වාසීන් විසින් වෙඩි තැබීම් සිදු කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විරෝධය පල කරමින් ඉතා උණුසුම් කාරීව හැසුරුණු අතර පොලිස් සථානයද වැටලීම් සිදු කල බවට පොලීසිය කියා සිටියේය.
කෙසේ වෙතත් මේ වන විට පොලීසිය විසින් තත්වය පාලනය කොට ඇති අතර අදාල සිදු වීම සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණයක් යාපනය පොලීසියද ආරම්භ කොට ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ