පොලුවලින් පහර දී අයෙකු මරා දමයි.. තවත් අයෙකු රෝහලේ…
April 17, 2019 at 8:02 am | lanka C news
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පහරදීමෙන් අවුරුදු 17ක් වයසැති අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නවරත්න ප්රසාද් අබේකෝන්(17) කොළොන්න උල්ලිදුවාව පදිංචි තරුණයෙක්.
මියගිය අය සහ තවත් අයෙකු උල්ලිදුවාව පන්සලට ආසන්නයේ බොක්කුවක කණුවක් මත වාඩිවී සිට ඇති අතර මෙම ස්ථානයට ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් දෙනියාය දෙස සිට පැමිණි දෙදෙනෙකු මෙම දෙදෙනාට පොලුවලින් පහරදී ඇත.
මෙහිදී මියගිය අය පහරකෑමට ලක්ව බෝක්කුව පල්ලට වැටී ඇත.පසුව පහරකෑමට ලකුවූ දෙදෙනාම කොළොන්න මූලික රෝහලට ඇතුලත්කර ඇති අතර එහිදී එක් තරුණයකු මියගොස් ඇත.මේ වන විට මළසිරුර කොළොන්න රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය සදහා ඇඹිලිපිටිය දිස්ත්රික් මහ රෝහලට ගෙන යෑමට නියමිතය.
සිද්ධිය වූ ස්ථානයට ඇඹිලිපිටිය ස්ථානීය අපරාධ පරික්ෂා කිරීමේ නිළධාරීන් සහ කොළොන්න පොලීසිය පැමිණ පරික්ෂණ ආරම්භ කර ඇත.මෙහිදී පහරදීමට යොදාගත් පොලු දෙකක් එම ස්ථානයේ තිබූ අතර බොක්කුව යට මියගිය අය ඇද වැටුනු ස්ථානයේ හිස් වැසුමක්(කැප් එකක්) මත්පැන් 4/1 බෝතලයක් තිබෙනු දක්නට හැකි විය.
මේ වන විට මේ සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.පහරකෑමට ලක්ව දිවිබේරාගත් තරුණයා මේ වන විට කොළොන්න මූලික රෝහලේ ප්රතිකාර ලබයි.මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කොලොන්න පොලීසිය මගින් සිදු කරනු ලබයි.
– ඇඹිලිපිටිය ප්රගීත් ජනක