පොලොන්නරුවේ සහල් රජෙක් නින්දිත වැඩක.. ඉන්දියා අඩුමිල හාල් ලංකාවේ නාමයෙන් වෙලදපලට.. කිලෝවකින් තිහක් ලාබයි..
February 9, 2017 at 2:10 pm | lanka C news
පොලොන්නරුවේ ප්‍රධානතම සහල් ව්‍යාපාරිකයෙක් ඉන්දියාවට ගොස් ඉන්දියාවෙන් සහල් අඩු මිලට ගෙන මෙරට වෙලද නාමයෙන් දේශීය වෙලද පොලට නිකුත් කිරීමට කටයුතු කර ඇති බව පොලොන්නරුවේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.
එහි සභාපති ගාමිණි කුමාරසිංහ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අදාල ව්‍යාපාරිකයා විශාල සහල් තොගයක් ඇණැවුම් කර අධික ලාබයක් ලබමින් ලංකාවේ වෙලද නාමයකින් ඉන්දියාවේ හාල් කවමින් නින්දිත වැඩක යෙදී සිටින බවයි.
කවර මාරු කිරීමෙන් පමණක් අදාල ව්‍යාපාරිකයා එක් සහල් කිලෝවකින් රුපියල් තිහක (30) ලාබයක් ලබන බවද ඔහු පෙන්වා දුන්නේය.