පොලොන්නරු ජනතාව උරුමකරුවන් මිසක් කුලීකරුවන් නෙමෙයි…

October 28, 2021 at 7:12 pm | lanka C news
පොලොන්නරු ජනතාව උරුමකරුවන් මිසක් කුලීකරුවන් නෙමෙයි…

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටලුවක්ව පවතින පානීය ජල ගැටලුව විසඳීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ කඩිනමින් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී .

තමන්කඩුව සංවර්ධන කමිටු  රැස්වීම පසුගිය විසි එක් වනදා පැවති අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එහිදී මෙසේද පැවසීය. පානීය  ජල  ප්‍රභවයන්  විදිහට  ආරක්ෂිත  ළිං  23543 පමණ තිබුණත් අනාරක්ෂිත ළිං 5012ක් පමණ තිබෙනවා. දිස්ත්‍රික්කය පුරා නල ළිං  1535 ක් පමණ ඉදිකර තිබෙනවා. නල ජල මාර්ග මඟින් ජලය ලබා දී ඇති ප්‍රමාණය 33115ක්  පමණ වෙනවා. ඒ විතරක් නෙමෙයි වැසි ජල ටැංකි භාවිතා කරලා. තමන්ගේ ජල අවශ්‍යතාවය සපුරගන්න 1397 දෙනෙක් පමණ මෙහි ජීවත් වෙනවා. ඒ වගේම ඇල දොළ මගින් ජල පිහිලි මගින් වගේම ජල උල්පත් වලින් ජල අවශ්‍යතාව සපුරාගන්න 290 පමණ දෙනා මෙහි ජීවත් වෙනවා.

පායන කාලයට ජනතාවට විශාල ජල ගැටළුවකට මුහුණ පාන්න සිදු වෙනවා.ඒ නිසා මම මීට අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතා කඩිනමින් මෙම ජල ව්‍යාපෘති අවසන් කිරීමට කටයුතු කරන ලෙස.

ඒ වගේම කිසිදු අයිතිවාසිකමක් හෝ ලියවිල්ලක් නැතිව ඉඩම්වල ජීවත් වන පිරිස 1443 ක් පමණ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඉඩම් නොමැති පුද්ගලයින් 600ක් පමණ මෙහි සිටිනවා. තව පිරිසක් අනවසර ඉඩම් අල්ලාගෙන ජීවත් වෙනවා. ඒ පිරිස් 1451 පමණ වෙනවා.

ඉඩම්වල සින්නක්කර අයිතිය තිබෙන්නේ 9869 දෙනකුට පමණයි කියන්න කණගාටුයි.අනිත් අයට තිබෙන්නේ දීමනාපත්‍ර. ඒ පිරිස 43897 වෙනවා.

ඒ වගේම එල්.ඩී.ඩී. බලපත්‍ර හිමිකරුවන් ගණන 22837ක්.නිදහස් දීමනා පත්‍ර හා දීර්ඝකාලීන බැඳුම්කර තිබෙන පිරිස 1678 පොලොන්නරු ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු වලින් එකක් තමයි. ඉඩම් ගැටලුව. ඒ නිසා ඔවුන්ට ගෙයක් දොරක් හදාගන්න ණය පහසුකමක් ලබාගන්න තමන්ගේ දුවට පුතාට දේපල පවරන්න පුළුවන් විදිහට ඔවුන්ට ඔප්පු ලබා දියයුතු වෙනවා.

ඒ සඳහා මහවැලි නිලධාරීන්ගෙන් සහ ඉඩම් දෙපාර්තමේන්තු නිලධාරීන් ගෙනුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නිලධාරීන්ගෙන්   මා සහයෝගය ඉල්ලා සිටිනවා .

අතීත ශ්‍රී විභූතියට උරුමකම් කියන පොළොන්නරු ජනතාව මේ බිමේ නියම  උරුමක්කාරයෝ මිසක් ඔවුන් මෙහි කුලීකරුවෝ නෙවෙයි. යනුවෙන් ද, පැවසීය.

– ප්‍රසන්න අධිකාරි

17,170 views

5 Comments to “පොලොන්නරු ජනතාව උරුමකරුවන් මිසක් කුලීකරුවන් නෙමෙයි…”

  1. On The Spot says:

    ඒක ඇත්ත​, ඔන්න දැහැමින් සෙමින් පාලනය කරන්න උරුමක්කාරය එනව දහම් සිරිසේන????????????

    • 3ත් නැති ජෙප්පා says:

      නම දහම් උනාට වැඩක්නෑ..සිරිසේනලට තැනක් නෑ

  2. sam says:

    කවුරුත් නැද්ද මේ රෝගිශාන් කියන නූගත් මී හරකට ගූ බාල්දියක් බොන්ඩ දීල, මුගෙ කරඅබල කරත්තෙක ගැට ගහන්ඩ. මූ පඩ ෂෝ දදා තප්ඵුලනව, දන්න දේකුත් නැහැ. නිකං පීචං වහලෙක්

    • wimalasena H.D. says:

      hariyatama hari sam. moovage nugath puka lewakana ballanva gahala elawanna one. polonnaruwe baiyan muge kathaavalata rewatunaata anikuth aya ehema nehe. mevage goo ballao enava ithin tye ekakuth daagena
      gamvalata. colombanam moota ewelema gahala elavanne.

  3. 69 MIN BAIYOO says:

    කවුරුත් නැද්ද මේ රෝශාන් කියන නූගත් මී හරකට ගූ බාල්දියක් බොන්ඩ දීල, මුගෙ කරඅබල කරත්තෙක ගැට ගහන්ඩ. මූ පඩ ෂෝ දදා තප්ඵුලනව, දන්න දේකුත් නැහැ. නිකං පීචං වහලෙක්

Main News