පොලොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවතයි.. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්..- දහම් සිරිසේන වේදිකාවේ..

October 24, 2021 at 5:30 pm | lanka C news
පොලොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවතයි.. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්..- දහම් සිරිසේන වේදිකාවේ..

පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන මහතා අද ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් කාන්තා හා තරුණ මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපති ලෙස දහම් සිරිසේන මහතා පත්කෙරිණි .

මීට ප්‍රථම දහම් සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව ආසනයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස පත්කෙරුණු අතර අද දිනයේ සමස්ත පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ලෙස තේරී පත්විය.

අද රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයත් සමග බොහෝ තරුණ තරුණියන් රට අතහැර දමා යෑමට පෙළඹී ඇති බවත් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට දීර්ඝකාලීන නිවැරැදි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් දහම් සිරිසේන මහතා කියා සිටියා.එවැනි වැඩපිළිවෙළක් සමග ඉදිරියට යාමට හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ද ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා .

එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය සහ පොලොන්නරුවේ ජනතාව යනු තම පියාගේ හදවත බවත් ඉදිරියේදී පොළොන්නරු දිස්ත්‍රික්කයට මෙන්ම පොලොන්නරුව ජනතාවට එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කර සිටියා .

– repoter

21,184 views

16 Comments to “පොලොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවතයි.. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්..- දහම් සිරිසේන වේදිකාවේ..”

  1. හරියටම නාඩි බලල තීරණ ගන්න දක්ෂතම දේශපාලකයන් අතර අංංක 1 හිටං ට හිමිවෙනවා

  2. Patriot says:

    Another baby now we have Namal baby, now him we will see many action movies from him too.

  3. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    Muge Moonath hariyatama ara Namal Rajapaksha wage Mand buddhika penumak thiyenne , kohoma unath mun wage pawul deshapalanaya karanna ena okkoma wal ballo tika labana paarawath ayin kara ganna oneee

  4. Sakshi says:

    World class robber’s son. Another person to day time looting of poor people money. Never done job for life but where these assets and money? Foolish voters elect him and see you have that below.

  5. Janaka from Matara says:

    ..Another piyano politician?
    …never a good thing!!

  6. 69 MIN BAIYOO says:

    .Another piyano politician?
    No future !!