පොලොන්නරු රෝහලේ කොරෝනා ආසාදිතයෙක්.. වාට්ටුවක් වසා දමයි..

October 16, 2020 at 1:27 pm | lanka C news
පොලොන්නරු රෝහලේ කොරෝනා ආසාදිතයෙක්.. වාට්ටුවක් වසා දමයි..

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පොලොන්නරුව මහ රෝහල සඳහන් කරයි.

මේ හේතුවෙන් රෝහලේ 22 වාට්ටුව වසා දැමීමට කටයුතු කර තිබේ.

මෙම කාන්තාව වෙනත් රෝගී තත්වයකට ප්‍රතිකාර සඳහා රෝහල් ගත වී ඇත්තේ පසුගිය 10 වැනිදාය.

ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ඇතැයිද හෙලිව ඇත.

අරලගංවිල, බෝගද්වැව ප්‍රදේශවල සමිති කිහිපයකටද ඇය සහභාගි වී ඇත.

මේ හේතුවෙන් ඇය සමඟ ආශ්‍රය කල ගැන සියලු දෙනා සොයා ඔවුන් නිරෝධායනය කිරීමට කටයුතු කරමින් තිබේ.

16,930 views

2 Comments to “පොලොන්නරු රෝහලේ කොරෝනා ආසාදිතයෙක්.. වාට්ටුවක් වසා දමයි..”

  1. ක්‍රිමිනල් says:

    අපි දැං බය නෑ ! චමල් මාතියා රුසියන් වැක්සීනය ගේනවා එලියන්ත වයිට් ගේ කූණ්ඩලීනී ශක්තියෙන් පොකුරු සුනු විසුනු කරලා දානවා. අනික අපි ලොකෙන්ම කොවිඩ් මැඩලපු රටවල් අතරින් අංක දෙක.

  2. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News