පොස්පේට් පොහොර බෙදා හැරිමේ බලය රාජ්‍ය පොහොර සමාගම්වලට…

October 8, 2021 at 2:02 am | lanka C news
පොස්පේට් පොහොර බෙදා හැරිමේ බලය රාජ්‍ය පොහොර සමාගම්වලට…

පොස්පේට් පොහොර බෙදා හැරිමේ නිල ඒජන්තවරු ලෙස රාජ්‍ය පොහොර සමාගම් දෙක යොදා ගෙන ගොවි ජනතාවට සාධාරණ මිළකට පොහොර ලබාදිමේ වැඩසටහනක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොස්පේට් පොහොර නිෂ්පාදන සමාගමේ කළමනාකාරිත්වයට උපදෙස් දුන්නේය.

පොස්පේට් සමාගමේ ප්‍රගති සමාලෝචනය සදහා පැවැති සාකච්ජාවකදි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන් අතර අලුත් ක්‍රමෝපායන් අනුගමනය කරමින් සමාගමේ ආදායම වැඩිකර ගැනීමට අවධානය යොමු කල යුතු බවද අමාත්‍යවරයා කීවේය.

දැනට අක්‍රීයව ඇති වාරියපොල පොහොර බෙදාහැරිමේ ආයතනයේ සේවකයින් ප්‍රධාන පොහොර නිෂ්පාදනාගාරයට අනුයුක්ත කර එහි කටයුතු කාර්යක්ෂමව පවත්වා ගැනීමෙන් වැඩි ආදායමක් ඉපයිය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සහභාගි වු පොස්පේට් පොහොර නිෂ්පාදන සමාගමේ සභාපති සූජීව ඉන්ද්‍රජිත් කරුණාසේන මහතා පෙන්වා දුන්නේ මේ වන විට සිය නිෂ්පාදනය මාසිකව දෙගුණයක් දක්වා වැඩිකර ගෙන ඇති බවය.ඉදිරියේදී රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව කාබනික පොස්පේට් නිෂ්පාදනය සදහා මේ වන විටත් අවශ්‍ය මූලික සැලසුම් සකස් කරමින් සිටින බවද සභාපතිවරයා සදහන් කළේය.

මෙම සාකච්ජාවට පොස්පේට් පොහොර නිෂ්පාදන සමාගමේ සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළපෙළේ නිලධාරින් පිරිසක් හා වෘත්තීය සමිති නියෝජිතින් ද සහභාගි වී සිටියහ.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

10,857 views

8 Comments to “පොස්පේට් පොහොර බෙදා හැරිමේ බලය රාජ්‍ය පොහොර සමාගම්වලට…”

  1. 3% ට බය බයියා. says:

    කෘෂිකර්මාන්තයේ සියලුම ප්‍රශ්න විසදීමට හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  2. බන්ඩා says:

    අපේ පොලවෙ පොස්පේට් තියන නිසා දාන්න අවශ්‍ය නැහ කියල ඇමටියා කිව්වා නේද?

  3. Planter says:

    All this is side Drama. Only a complete reversal of the ban immediately will avoid a major disaster. Even if the shipments are allowed it will take atleast a month to arrive……

  4. kkuruwita says:

    මේකටත් අමෙරිකන් කාරයෝ වැඩක් දෙයිද ?

  5. පැන්ඩෝරා පේපර්ස් says:

    ඔය රසායනික පොහොර ගැසට් එක රිවර්ස් කරන්න , තේ වගාවෙ රසායනික පොහොර සදහා ගැසූ ගැසට්ටුවෙන් පටන් ගන්න , එතකොට හරි ! පුලුවන් නං ඔබතුමා ආපු දා ඉදලා ගහපු ගැසට් ටික ඔක්කොම රිවර්ස් කරගන්න , මේ අවුරුදු තුන ඔහේ යන්න දෙන්න . කොච්චිය ගිහිල්ලා ඉවරයි.

    • ජනජය says:

      කෝච්චිය ගියේ කොහෙද …උඹෙ වකපුටේද?…අපරාදෙ .. උඹව තමයි ජනපති කරන්න තිබ්බෙ ,බලපං උඹෙ දැනුම !

  6. Kalu Albot says:

    Now Cheena Goo Pohora may be used as a substitute for Milk powder !

Main News