පොසොන් උත්සව එපා.. ඊට වියදම් කරන මුදල් ආපදාවට ලක් වූවන්ට දෙන්න..

May 30, 2017 at 8:02 am | lanka C news
පොසොන් උත්සව එපා.. ඊට වියදම් කරන මුදල් ආපදාවට ලක් වූවන්ට දෙන්න..

පොසොන් උත්සවය වෙනුවෙන් අනවශ්‍ය වියදම් නොකර ඒ සියලුම මුදල් ගංවතුරෙන් ආපදාවන්ට ලක්වූවන්ට පරිත්‍යාග කරන ලෙස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ  ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා විසින් මේ ඉල්ලීම සිදු කළේය.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය ,නිතීය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව සමඟ එක්ව පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ රැස්කිරීමේ මධ්‍යස්ථානයක් බත්තරමුල්ලේ පිහිටි  සුහුරුපාය ගොඩනැගිල්ලේ බිම් මහලේ  පවත්වාගෙන යන බවත් ඒ වෙනුවෙන් ආධාර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

මේ සියලු භාණ්ඩ ආගමික ස්ථාන හරහා සුදුසු පුද්ගලයන්ට ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවසීය.

කළවාන, රත්නපුර, අයගම, ගාල්ල යන  ප්‍රදේශවලට තමාගේ හෙලිකොප්ටරයෙන් ගොස් නිරීක්ෂණය කළ බවත්, කළවාන මහ රෝහලේ සිටි  ගැබිණි මවුවරුන් රත්නපුර මහ රෝහලට ප්‍රවාහනය කිරීමට කටයුතු කළ බවත් පැවසීය.  මෙහිදි කුළු බඩු මණ්ඩලයේ සභාපතිවරයා විසින් මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදු කළේය.

– ජෝර්ජ් ද සිල්වා

83 views

14 Comments to “පොසොන් උත්සව එපා.. ඊට වියදම් කරන මුදල් ආපදාවට ලක් වූවන්ට දෙන්න..”

  1. NARAYANA says:

    Some body told this YAMAPALANA miister giving 100.million to his.own business from government money. People should not get fool by these roughs

  2. Parasathu says:

    Why don’t these idiots give away the money remitted for their cars? How can he decide about poon? People have to decide that
    He should shut his bloody mouth if his brain doesn’t work! Pol Buruwa!

Main News