පොසොන් කිරි කොස් දන්දසල පිහි ඇනුමෙන් කෙලවරවේ

June 14, 2017 at 2:02 am | lanka C news
පොසොන් කිරි කොස්  දන්දසල  පිහි ඇනුමෙන් කෙලවරවේ

පොසොන් පොහොයට  දුන් කිරි කොස් දන්සලක සිදු වු කතා බහක් දුර දිග යෑමෙන්  හතලිස් හැවිරිදි මිතුරා පනස්දෙවැහැරිදි මිතුරාට පිහියෙන්  ඇන බරපතල තුවාල සිදුකල පුවතක් ගල්කිරියාගම පොලිස් වසමෙන්  වාර්තාවේ.

පසුගිය  පොසොන් පොහොදිනයේදි  ගල්කිරියාගම පොලිස් වසමේ  ඇල්ලේවැව ගම්මානයේ ගම්වාසින් එකතුව  කිරිකොස්  දන්සලක් ලබාදි ඇති අතර  එහිදි සිදුවු විහිළු තහලුකිරිමක් දන්සලින් පසු පිහියා ඇනුමක් දක්වා දුරදිග ගොස් ඇතිබව ද ඒ අනුව දන්සල නිමා වි හවස් කලයේ නිවසේව සිටි පුද්ගලයකුට දන්සල ලබා දිමට වෙහේස මහන්සි වි වැංකල පුද්ගලයකු පිහියෙන් ඇන තුවාල සිදුකර ඇති අතර පුවාල ලද පුද්ගලයා  ඇල්ලේ වැව ගම්මානයේ පදිංචි  52 හැවිරිදි පුදගලයෙකු වන  විල්සන් විජේසිංහ  නම් විවාහක පුද්ගලයකි.

තුවාල ලද පුද්ගලයා ගල්කිරියාගම රොහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සදහා දඹුල්ල විරඩෙන්සිල් කොබ්බෑකඩුව මුලික රොහලට ඇතුලත්කර ඇත. පිහින් ඇන තුවාල සිදුකල පුද්ගලයා ගල්කරියාගම පොලිසිය මගින් අත්වඩංගුවට ගෙන ඇති අතර එහිදි සිදුකල පරික්ෂණ වලදි  විහිලුව දුර දිග ගොස් සිදු වු බහින්බස් වීම පිහියා ඇනුමකින් කෙලවර වි ඇතැයි  අනාරණය කරගෙන ඇත. සිද්ධිය පිලිබදව ගල්කිරියාගම පොලිසිය පරික්ෂණ සිදු කරයි.

– මහින්ද/දඹුල්ල
– සිගිරිය/මහින්දානනද ආරචිචිලගේ

35 views

One Comment to “පොසොන් කිරි කොස් දන්දසල පිහි ඇනුමෙන් කෙලවරවේ”

  1. බන්ඩා says:

    අනක් ගුනක් නැති මොලයක් නැති නරැමයෝ කිහිප දෙනෙක් අද කාලෙ සෑම ගමකම ඉන්නවා. මොලේ අැති ය උන් ගැන දැනගෙන වැඩ කල යුතුය්.

Main News