පොසොන් පොහොය දා කණ්ඩලම වැවේ ගිලී මියයයි…

June 9, 2017 at 8:02 am | lanka C news
පොසොන් පොහොය දා කණ්ඩලම වැවේ ගිලී මියයයි…

පොසොන් දින දඹුලු විහාරයේ වනදනාවේ පැමිණ කණ්ඩලම වැවේ දියනෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලෙමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක භටයින් විසින් ගොඩට ගෙන දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ කුලියාපිටිය පරදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි.මියගිය ඇය පවුලේ ඥාතීන් හා මිතුරන් පිරිසක් සමග දියනෑමට ගොස් සිටියදී දිය අනතුරට ලක්ව ඇත.

මෙම වේලාවේ දඹුල්ල පොලිස් ජිවිතාරක්ෂකයින් කණ්ඩලම වැවේ දිය නාන්නගේ ආරක්ෂාවට ජිවිතාරක්ෂක පිරිස් යොදවා සිට ඇති අතර දියේ ගිළුණු පුද්ගලයා ගොඩට ගෙන දඹුල්ල රොහල වෙත ගෙන ඒමට කටයුතු කල ද රොහල වෙත ගෙනඑන විට ද අදාල පුද්ගලයා මිය ගොස් සිට ඇතිබව දඹුල්ල රොහල් ආරංචිමාර්ග කියයි.

දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

මහින්ද උදයසිරි
දඹුල්ල

6 views
Main News