පොසොන් පෝදා ශවේන්ද‍්‍රගෙන් බෞද්ධයන්ට පණිවුඩයක්..

June 16, 2019 at 6:32 am | lanka C news
පොසොන් පෝදා ශවේන්ද‍්‍රගෙන් බෞද්ධයන්ට පණිවුඩයක්..

පොසොන් පොහොය දිනයේදි ශ්‍රී ලංකා වාසිි බෞද්ධ ජනතාවට කිසිම සැකයකින් තොරව බෞද්ධ කටයුතු වල නියැලීමට තරමි පරිසරයක් මෙි රටෙි මෙි අවස්ථාවෙදි ඇති කර තිබෙන බවත් ඒ නිසා කිසිම බියකින් පැකලිමකින් තොරව ශ්‍රී ලංකාවාසී ජනතාව ඉතාමත් වැදගත් දිනයක් වන පොසොන් උත්සවය සැමරිමට පන්සල් ,විහාරස්ථානවලට ගොස් බෞද්ධ කටයුතුවල නියැලෙන ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවෙින්ද්‍ර සිල්වා මහතා 15 දා බලන්ගොඩ දි පැවැසිිය.

‘වසර තිහක කාලයක් පැවති යුද්ධය අවසන් කර වසර දහයකට පසු ත්‍රස්තවාදීන් කිහිප දෙනෙක් විසින් එල්ල කරන ලද බෝමිබ ප‍්‍රහාරයක් හේතුවෙන් මෙරට ජනතාව ආගමික ස්ථාන වලට යැමට භිතියකට පත් වෙලා හිටියා. නමුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ පොලිසිය එක් වෙලා එය ⁣කෙටි කාලයකින් වෙනස් කරල රටෙිි සාමකාමි පරිසරයක් ඇති කලා’

ඒ නිසා හෙට පොසොන් පොහොය දිනයේදි පොසොන් උත්සවය සැමරිමට සියලුම ශ්‍රී ලංකාවාසී ජනතාව පන්සල් විහාරස්ථානවලට ගොස් බෞද්ධ කටයුතු වල නියැලෙන ලෙසට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවෙින්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවැසිය.

ඒ මහතා මෙම අදහස් පළකලේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන් වහන්සේගේ විසි එක්වැනි අනුස්මරණ උත්සවය සැමරිම වෙනුවෙන් උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැමිපත් කිරිමෙ අවස්ථාවවට එක් වෙමිණි.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

48,106 Viewers

5 Comments to “පොසොන් පෝදා ශවේන්ද‍්‍රගෙන් බෞද්ධයන්ට පණිවුඩයක්..”

  1. මරැසිරා says:

    ඔබතුමා බෞද්ධ කටයුතු වල නියැලීමට තරම් ඇතිවූ පරිසරයක් ගැන කියවනවා..
    මිනිස්සුන් ජීවත් වෙන්න ආමාරැවෙන් දඟලනවා …
    ත්‍රස්තවාදියාත් පුණ්‍යවන්තයාත් දිව්‍යලෝක දෙවගනන් කන්‍යාවියෝ ගැන කියවනවා…

    • විස්කි මැඩම් says:

      එහෙවු ත්‍රස්තවාදීන්ට සල්ලි දුන්නේ වියාපාරිකයින්.
      වියාපාරිකයින්ට සල්ලි දුන්නේ පාරිභෝගිකයින් 🙁

    • ලොකු මාමා says:

      සිංහල බෞද්ධයනි, මිත්‍යා දුෂ්ටික කඩ වලින් බඩු ගන්න එක නවත්වන්න…

  2. Sun says:

    Thank you for creating a situation for the Buddhist life style where the mind supposed to be calm to calm our thinking. as mind is the forerunner of everything. We have to go beyond this point also to see the world as it is. Otherwise, we make judgements from the deluded mind. We have practice meditation a lot to go into the mind by in deep. Most of us lost this as we are going to focus on breathing which make no difference. Try do understand this concept on this Poya day my friends.

  3. LION says:

    හෙලයනි අසවු එලුවෙන් මෙ කියන බස
    යොදපවු මනස ලක්පුර ඉතිහාසෙ දෙස
    නිවට නොවි ඉදපවු හෙල සිංහ ලෙස
    රටට දැයට සමයට හිත වැඩ පිනිස

    මරුවා ලගදි නොසැලුනු බන්ඩාර පුතා
    මතකද වීර කැප්පෙටිපොල නිලමෙ තුමා
    සිංහ බලය පෑ වාරිය පොල සමිදා
    පෙරටම ගියා ගොන්ගාලෙ ගොඩබන්ඩා

    බුදුන් පාතැබූ නිර්මල මෙසිරි ලක
    සිංහල බලය පෑ අබිමන් අනුරපුර
    සසුනත් රටත් රැකුමට වෙ අද අදම
    වරෙවු පෙරට නැතිනම් පල මෙරට හැර

Main News