පොසොන් පෝදා සිල් ඇත්තන් විසිපන්දහසකට මහජන බැංකුවෙන් හීල් දානය..

June 13, 2017 at 2:02 am | lanka C news
පොසොන් පෝදා සිල් ඇත්තන් විසිපන්දහසකට මහජන බැංකුවෙන් හීල් දානය..

මෙම පොසොන් පෝදා අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් අබියස සිල් සමාදන් වූ උවැසි උවැසියන් විසිපන්දාහකට අධික පිරිසකට උදෑසන හීලදානය පිරිනැමීමට 40 වන වරටත් මහජන බැංකුව හා පීපල්ස් ලීසිං හා ෆිනෑන්ස් සමාගම කටයුතු කරන ලදී.

අනුරාධපුර මහජන බැංකු ප්‍රාදේශිය බෞද්ධ සංගමය සංවිධානය කරනු ලැබූ මෙම පුණ්‍ය කටයුත්ත සඳහා මහජන බැංකුව, එහි කාර්ය මණ්ඩලය මහජන බැංකු බෞද්ධ සංගමය හා පීපල්ස් ලීසිං සමාගම දායකත්වය දැරූහ.

අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම දානමය පුණ්‍යකර්මයට මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකා චන්ද්‍රා ඒකනායක මෙනවිය, ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී එන්.වසන්ත කුමාර්, පීපල්ස් ලීසිං ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී සබ්රි ඊබ්‍රහිම් යන මහත්වරන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය ද සහභාගි වූහ.

– භාරත ප‍්‍රභාෂන

66 views

One Comment to “පොසොන් පෝදා සිල් ඇත්තන් විසිපන්දහසකට මහජන බැංකුවෙන් හීල් දානය..”

  1. Jonaa'S Brother says:

    මහජන බැන්කු ලොක්කන්ට FCID යන්න වෙයිද?

Main News