පොසොන් මාසයේ අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර 5ක්…

June 10, 2021 at 6:22 am | lanka C news
පොසොන් මාසයේ අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර 5ක්…

රටේ ප‍්‍රමුඛත්වය ලබා දීමට අවශ්‍ය කටයුතු රැසක් මේ මොහොතේ තිබියදී මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර 5 ක් අලූතින් ලබා දීමට මුදල් අමාත්‍යාංශය පොසොන් මාසය තුළදී කටයුතු කරන්න යන බව සමගි ජනබලවේගයේ මාතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

රට නොයෙක් විපත්වලට මුහුණ දී සිටින අවස්ථාවක මුදල් අමාත්‍යාංශය මෙසේ ක‍්‍රියා කරන්නට යෑම කොතරම් සදාචාර සම්පන්න දැයි අගමැති මහින්ද රාපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න කර සිටින බවත් පතිරණ මහතා පැවසීය.

මේ කුමන සදාචාරයක් දැයි ආණ්ඩුව තේරුම්ගත යුතු බවත් මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර අලූතින් ලබා දීමද කළ යුත්තේ නැත්නම් රට මේ විපතින් ගලවා ගැනීමදැයි ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කර සිටින බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය.

එහිදී තව දුරටත් අදස් දැක්වූ බුද්ධික පතිරණ මහතා මෙසේද කීවේය.

සුරාබදු ස්ටිකරයට අදාළ කටයුතු ලෝකයේ බ්ලැක්ලිස්ට් වුණු සමාගමකට දීලා තිබෙනවා. එය ව්‍යාජ සමාගමක්. ඒ වගේම තව මවත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර 5 ක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට වාර්තා වෙනවා. වෙසක් සහ පොසොන් මාසවල ඒවාට අදාළ කටයුතු සිදු කිරීම ශෝචනීයයි. අපි මේවා ගැන කනගාටු වෙනවා. ආණ්ඩුවේ ප‍්‍රමුඛතාවය යෙදිය යුත්තේ අද මෙවැනි කටයුතුවලටද.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාම ප‍්‍රකාශ කර තිබෙනවා මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර ඉල්ලූම් කරමින් අයැදුම්පත‍්‍ර 5 ක් තමා වෙත ලැබී තිබෙන බව මේ කොරෝනා කාලයේ මීට වඩා දේවල් තිබියදී රුපියල් 5000 දීමනාවවත් හරියට බෙදා ගන්න බිරිව තිබියදී ඇයි මේ වගේ දේවල් කරන්නේ. පෙර පාසල් ගුරුවරුන් අසරණ වෙලා. උපකාරක පංතිවලට සම්බන්ධව කටයුතු කරන්නන්, ධීවරයන්, වඩු කාර්මිකයන්, මේසන් බාසුන්නැහේ මේ ආදී හැම ක්‍ෂේත‍්‍රයක්ම අද අඩපණ වෙලා. රූපවාහිනි ටෙලි නාට්‍ය, චිත‍්‍රපට නිෂ්පාදන කර්මාන්ත අකර්මණ්‍යයේ. කලාකරුවන් අසරණ වෙලා. මාධ්‍යවේදීන් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් රූපලාවන්‍ය ශිල්පීන් ඒ හැම ක්‍ෂේත‍්‍රයකම කටයුතු අඩාල වෙලා තිබෙනවා. ඔවුන්ගේ ආදයම් මාර්ග ඇනහිටලා තිබෙනවා.

වගා හානි, ගංවතුර හානි තිබෙනවා. එන්නත්කරණයේ ගැටලූ තිබෙනවා. සල්ලි හොයන්න කියලා මත්පැන් විකිණීමට අදාළ බලපත‍්‍ර සුපරි වෙළෙඳසල්වලට දීලා තිබෙනවා. ඒ වගේම මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර අලූතින් දෙන්න හදනවා. මේ මොන සදාචාරයක්ද, මේ බලපත‍්‍ර මේ වෙලාවේ දෙන්න ඕනෑ දෙයක්ද. පොසොන් මාසයේ මේවාට අදාළ අත්සන ලබා දෙයිද. ආණ්ඩුවේ දැනට ඉතිරි වෙලා තියෙන අවම සදාචාරයත් මේකෙන් නැතිවෙනවා නේද. මුදල් අමාත්‍යාංශය මේ කටයුත්තට ඉඩ ලබා දෙයිද?

– divaina

18,318 views

10 Comments to “පොසොන් මාසයේ අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර 5ක්…”

  1. Dilan says:

    බලපත්‍ර ඉල්ලීමත් ලබාදීමත් අතරේ වෙනසක් තියනවා වගෙයි මටනම් පෙනෙන්නේ.
    මොකද මුගේ බොරුව කරේ තියන් දුවමුද?

    සුපර් මාකට් වලට විකුනන්න දෙන එකනම් හුඟක් හොඳයි. හොර බඩු විකුණන මත්රීලගේ එව්වා නිකන්ම වැහෙයි.

  2. MD says:

    ඔබතුමාගේ දේශපාලන කෝන්තර වෙසක් පොසොන් කිය කියා බෞද්ධ දර්ශනයට අගෞරව නොකරන්න.වැරදි දේ කොයි මාසේ කලත් කවද කොයි වේලාවට කරත් පව පවමයි.බෞද්ධ දර්ශනයට අනුව ඔය කියන මාසවලට වෙන වෙනම පපාකර්ම සදාචාරාත්මක දේවල් දන්න තරමින් නැහැ.නිකන් පව් දෙන්න ඵපා බුද්ධික

  3. Aurora says:

    රාජ්‍ය පාලනයයි ආගමයි එකට පටලවාගෙන විනාශයට ගිය රටක් පිලිබන්දව ඉදිරි කාලයකදී උදාහරණයකට ගන්න රටක් තමයි ශ්‍රී ලoකාව. බටහිර රටවල්, ඕස්ට්‍රෙලියාව අදි බොහෝ රටවල්වල මත්පැන් නීති ඉතාම ලිහිල්. නමුත් ඒ රටවලට වඩා පැය 24 පුරාම බීල ඉන්න උන් ඉන්නෙ මේ ශ්‍රී ලoකාවෙ. ඒ නිසා වැරැද්ද තියෙන්නෙ නීතිය ලිහිල් කමේ නොවේ. බෞද්ධ ධර්මයෙන් හෝ යතිවරු තම සැදැහැවතුන් පාලනය කර ගන්න ඕං. දැන් කසිප්පුවෝ මට බනින්න පටන් ගනී.

  4. saman says:

    අඩුවකට තිබුනේ එච්චරයි දැන් ඒකත් හරි.

  5. Silva says:

    කාබනික පොහොර නිෂ්පාදනය එපා කියන කාලකන්නි ඉන්න රටට සුදුසුම දේ තමා මේ.

  6. දෙවැට සුදා ඩිස්ටිලරිස් ලිමිටඩ් says:

    දේශමාමක දේශහිතෛෂී පූට්ටු ආණ්ඩුව යටතේ මෙය නිකුත් කරන ලද නිසා මෙය වැරද්දක්, අපරාධයක් නොව ආර්ථිකය නංවාලීම සඳහා ගත් දූරදර්ශී තීරණයකි. පතෝලය උනත් හිටං හිතයනම් මෙච්චර නෙස්පැත්තියක් මේ රටට වෙන එකක් නැහැ.

  7. ජිම් පුතානෝ says:

    සාදු සාදු ,සාදු ……………….

  8. ජිමි බේබි says:

    මටත් ඵකක්.

  9. Sam Fernando says:

    මුදල් ඇමතියා ජනාධිපතිතුමාට රට කරගෙන යන්ඩ කවදාවත් ඉඩ දෙන එකක් නැහැ. මේවා සේරම කරන්නේ ජනාධිපතිතුමා අපහසුතාවයට පත් කිරීමටයි. මේවායේ ප්‍රධාන අරමුණ ජනාධිපතිතුමාගේ ජනප්‍රියත්වය විනාශ කර දැමීමයි. මේ එක බලපත්‍රයකින් කෝටි කීයක් පගා ගහගෙන ඇත්ද ? මුන් ටික බලන්නේ හැකි තරම් මුදල් හම්බ කරගෙන ජනාධිපතිතුමාවත් බලයෙන් පහකර පුතණුවන් ජනාධිපතිධුරයට පත් කිරීමටයි.

  10. Love nature says:

    ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ගෝලීය වශයෙන්, සෑම වසරකම මිලියන 3.3 ක් මරණයට පත්වන්නේ මත්පැන් භාවිතය හේතුවෙනි.

Leave a Comment

Main News