පොහාට්ටුවෙන් ජනාධිපති අපේක්‍ෂක තෝරා අවසන්.. සන්ධාන හැදුවට මෛත‍්‍රිට කිසිසේත්ම අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ..- පොහොට්ටු ලොක්කකෙක් කෙලින්ම කියයි..

March 16, 2019 at 12:01 am | lanka C news
පොහාට්ටුවෙන් ජනාධිපති අපේක්‍ෂක තෝරා අවසන්.. සන්ධාන හැදුවට මෛත‍්‍රිට කිසිසේත්ම අපේක්‍ෂකත්වය දෙන්නේ නෑ..- පොහොට්ටු ලොක්කකෙක් කෙලින්ම කියයි..

රටට අවශය වන්නේ රට දිනවන සන්ධානයක් මිස පුද්ගලයන් දිනවන සන්ධානයක් නොවන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව පෙරලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට සුදානම් වුවත් ඔවුන් සමග එක්ව සන්ධානගතව චන්දයකට යාම පිළිබද ජනතාවගේ කැමැත්තක් නොමැති බවයි.

මින්වන්ගොඩ උඩුගම්පොලදී පක්ෂ ක්‍රියාකාරීන් සමග අද පැවති සාකච්චාවකදී රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කිවේය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් වරයා ඇතුළු කීප දෙනෙකුට අවශ්‍ය වෙලා තියනවා පොහොට්ටුව ශ්‍රී ලංකා එකට ඇදල ආපහු මයිත්‍රී ජනාදිපති කරන්න. නමුත් මේ රටට ආදරය කරන ජනතාව අපේක්ෂා කරන්නේ මහින්ද මහත්තය රටේ නායකයා වෙන්න ඕන කියන එකයි. ඔවුන් රෑ වැටුන වලේ දවල් වැටෙන්න ලෑස්ති නෑ. ඒ නිසා දයාසිරිලා කපන වලේ වැටෙන්න අපි ලෑස්ති නෑ.

සන්ධානය පිළිබද අපේ කණ්ඩායම සාකච්චා වලට යන්නේ නිරවුල් මනසකින් හොද අවදානයකින් මෙවර අපව රවටන්න කිසිවෙකුට බෑ. අපේ ජනාධිපති අපේක්ෂකයා අපි තෝරලා ඉවරයි. රටම අපේක්ෂා කරන ඒ අපේක්ෂකයා වෙලාවට මහින්ද මහත්තයා නම් කරාවි.

කවුරු මොනවා කිවුවත් රටේ මීලග නායකයා බිහිවන්නේ පොහොට්ටුවෙන්. ඒක වලක්වන්න ඔය කිසිදු බලවේගයකට බෑ.

වත්මන් ආණ්ඩුව රට විනාශ කලා ආඩපාලි කියන එකයි හොරකම් කරන එකයි ඇරෙන්න කරපු කෙන්ගෙඩියක් නැ. මේ රටේ ජනතාව තමන්ට ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව ගෙදර යවන බව ඉර හද වගේ විශ්වාසයි’

– ප‍්‍රදීප් අනුර කුමාර

72 views
Main News