පොහොට්ටුව මෙරට දේශපාලන පක්ෂයක් සතු විශාලතම අනු සංවිධාන ජාලය ගොඩනංවනයි…
July 27, 2018 at 6:31 am | lanka C news
තෝරාගත් විශේෂිත ක්ෂේත්‍ර කිහිපයක් සදහා අනු සංවිධාන ජාලයක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටී. විශ්ව විද්‍යාල ආචාර්ය පෙරමුණක්, උපාධිධාරී පෙරමුණක්, ගොවි පෙරමුණක්, ධීවර පෙරමුණක්, ව්‍යාපාරික පෙරමුණක් සහ පෙර පාසල් ගුරු පෙරමුණක් ආදී වශයෙන් මෙම සංවිධාන ජාලය ස්ථාපිත කෙරේ.
ධීවර, ගොවි සහ උපාධිධාරී සංවිධාන ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ගොඩනැංවෙන අතර ව්‍යාපාරික පෙරමුණු ජාලය නගර සහ පළාත් පාලන බලප්‍රදේශ මට්ටමිනුත්, විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය රාජ්‍ය විශ්ව විද්‍යාල සියල්ලෙහිම ශාඛා සහිත ජාතික සංවිධානයක් ලෙසත්, කඩිනම් වැඩපිළිවෙලක් ඔස්සේ ස්ථාපිත කිරීම පොදුජන පෙරමුණේ අපේක්ෂාවයි.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ස්ථාපිත කෙරෙණ මෙම සංවිධාන ජාලයට අදාළ සාකච්ඡ වට කිහිපයක් පසුගිය දිනවල දී පැවැත්විය.
මෙම සාකච්ඡුාවල දී බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ මෙම අනු සංවිධාන සියල්ල මෙරට දේශපාලන පක්ෂයක් සතු විශාලතම අනු සංවිධාන ජාලය ලෙස ගොඩනංවන බවයි.
වත්මන් රජයේ අ¥රදර්ශී පාලනය හේතුවෙන් සියලූ ක්ෂේත්රයන් තුළ සිදු වී ඇති දැවැන්ත පරිහානිය සහ කඩාවැටීම හේතුවෙන් සෑම ක්ෂේත්රයකින්ම බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ඉල්ලූමක් පොහොට්ටුවේ අනු සංවිධාන ජාලය වෙත ලැබෙමින් පවතින බව බැසිල් රාජපක්ෂ මහතා සදහන් කලේය.
විවිධ ක්ෂේත්රවලින් ලැබෙන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එක් එක් ක්ෂේත්රයන්ට අනන්‍ය වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනු සංවිධාන ඉදිරියෙදී තවදුරටත් බිහිවීම සිදුවනු ඇත.
මෙම සමස්ත ව්‍යාපෘතිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන්ගේ මෙහෙයවීම යටතේ ස්ථාපිත කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු සූදානම් කර ඇත.
-සංජීව එදිරිමාන්න
Excellent keep it up and our country has gone to dogs under Ranil Sirisena government in all aspects
once rejected by citizen is rejected forever American express, china bribe tap and ask your heart all rogues rest at home without destroying my country alll rajapaksas are blady rogues and less educated people
Mey Jeppa bayawela thiyena tharamak!
jeppa newei, jeppi.
Panshon Giya meyata Mewwa Karanna Kohennda Salli ?