පොහොට්ටුවට එක්වන්න මුස්තාෆා එයි.. ගන්න බෑ කියා පන්නා දමයි..

February 7, 2020 at 3:52 am | lanka C news
පොහොට්ටුවට එක්වන්න මුස්තාෆා එයි.. ගන්න බෑ කියා පන්නා දමයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීම සඳහා කැමැත්ත පළ කර තිබේ.

ඒ සඳහා ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇති නමුත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේදී පක්ෂයට සාමාජිකයන් බඳවා නොගන්නා බැවින් එය පසුව සලකා බැලිය හැකි බවයි.

මේ අතර ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර ගැනීම සම්බන්දයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පල කර ඇතැයි වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ 2015 දී සන්ධාන ජාතික ලයිස්තු මන්ත්‍රීධූර පත් කිරීම සඳහා මුස්තාපා මහතා විසින් සුදු කරන ලද මැදිහත්වීම බව දැනගන්නට ඇත.

154 views

3 Comments to “පොහොට්ටුවට එක්වන්න මුස්තාෆා එයි.. ගන්න බෑ කියා පන්නා දමයි..”

  1. kawinda says:

    satha pahakata wedak nethi mekaawa ganna nam epa. Rajitha ethulu UNP kauru ho SLFP eken kauru ho POOTTUWATA gaththoth api nam chande denne nehe.

  2. WAL RANIL says:

    NO මුස්තාපා NO

  3. චන්දිමානි says:

    මූ තමයි පලාත් සභා ඡන්දෙ කල්දාන්න ඕනැකරපු පිඹුරුපත් හදලා රනිල්ට දීලා ඒකට සපෝට් කෙරුවේ. අදටත් පලාත්සභා ඡන්දෙ නැහැ. මේ හාදය තමයි ඒකට වගකියන්න ඕනැ. පලාතකට වද්දාගන්නනම් එපා. ගත්තොත්, අපිත් නැහැ පොහොට්ටුවට.