පොහොට්ටුවට එක්වන ඇමතිලා ගැන මහින්ද කියයි..
October 13, 2019 at 10:29 pm | lanka C news
නව ආණ්ඩුව සඳහා එක්කර ගන්නා හා එක් කර නොගන්නා පිරිස් ජනතාව සිතන ආකාරයෙන් ම සිදු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ කඩවත නගරයේ පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ ප්රචාරක රැළියක් අමතමිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් එම රැුලිය පැවැත්විණ.
රාජිත සේනාරත්න ඇමැතිවරයා ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙස එහි සිටි ජනතාව කෑ ගසා ඉල්ලා සිටි අතර මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඔහු කිසිසේත්ම ආණ්ඩුවට කර නොගන්නා බවයි.