පොහොට්ටුවට එක්වන එජාප බලකණු ගැන බැසිල් හෙලි කරයි..
October 15, 2019 at 2:10 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ බල කණු කිහිපයක් තම පාර්ශ්වය සමඟ එක්වීමට සූදානම් බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ නමුත් කැමැත්ත පළ කළ සියලු දෙනාම එක් කර නොගන්නා බවත් තෝරා බේරාගත් පිරිසක් පමණක් පමණක් එක්කරගැනීමට සලකා බවන බවද ඔහු කියා සිටියේය.
ඒ සඳහා වූ යම් යම් සාකච්ඡා මේ දිනවල දී සිදුවන බව ද ඔහු සඳහන් කළේය.
රාජපක්ෂ මහතා මෙම අදහස් පලකලේ හිරු රූපවාහිනියේ ‘සලකුණ‘ වැඩසටහන සමඟ එක්වෙමිනි.