පොහොට්ටුවට ඡන්දය දීම ගැන ඒ අය අද දුක් වෙනවා.. අද මේ තරම් සංවර්ධනයක් වන නිසා..

August 21, 2018 at 8:40 am | lanka C news
පොහොට්ටුවට ඡන්දය දීම ගැන ඒ අය අද දුක් වෙනවා.. අද මේ තරම් සංවර්ධනයක් වන නිසා..

පුත්තලම, ආණමඩුව මැතිවරණ කොට්ඨාශය තුළ උදා ගම්මාන 144 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

ආණමඩුව, අලුත්ගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත උදාගම්මානය සඳහා මුල්ගල තැබීමෙන් අනතුරුව පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙයට සමගාමිව සිරම්බිඅඩිය හා රඹාවැව යන ගම්මානවල යෝජිත නිවාස ව්‍යාපෘති වල ඉදිකිරීම්ද ආරම්භ කෙරිණ. සිරම්බිඅඩිය ගම්මානයේ ඉදිකිරීමට යෝජිත නිවාස ගණන 58 කි. ඒ සඳහා රජය රුපියල් ලක්ෂ දෙසිය අනූවක් (290,00000/-) ක් වෙන්කර තිබේ. රඹාවැව හා අලුත්ගම යන ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත උදාගම්මානවල නිවාස 80 බැගින් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මේ සදහා රුපියල් ලක්‍ෂ තුන්සිය අනූව (390,00000/-) බැගින් වෙන්කර තිබේ.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

මේ වන විට ආණමඩුවේ පමණක් උදා ගම්මාන 25 ක් ඉදිකර තිබෙනවා. ඒ යටතේ පවුල් 1000 ට පමණ ස්ථිර නිවසක හා ඉඩමක අයිතිය ලබා දීමට හැකි වෙනවා. 2019 වසර අවසන්  වන විට උදා ගම්මාන 144 ක වැඩ අවසන් කිරීම අපේක්‍ෂාවයි. එම ව්‍යාපෘති නිම වීමෙන් පසුව නිවාස හා ඉඩම් නොමැති පවුල් 7000 ට පමණ නිවසක හා ඉඩමක අයිතිය ලබා දීමට හැකි වෙනවා.

නිවාස ඉඩම් අයිතිය දුප්පත් ජනතාවට නොලැබුණු යුගයක් තිබුණා. ඒ කාලේ ඒවා ලැබුණෙ එදා නිවාස ඇමැතිගේ හිතවතුන්ට පමණයි. ඒ යුගය අපි වෙනස් කළා. අද යහපාලනය යටතේ ජනතාවට ප්‍රතිලාභ හිමිවන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා.

යහපාලන රජය යටතේ දැවැන්ත සංවර්ධනයක් සිදු වෙමින් තිබෙනවා. බොහෝ දේ මේ වන විට සිදු කර තිබෙනවා. වසර 50 න් කරන්න බැරිවුණු සෙංගල්ඔය වැනි වාරි ව්‍යාපෘති අපේ රජය යටතේ ආරම්භ කළා. වැඩ කළත් අපේ සංදර්ශන නෑ. ඒ නිසා මේවා මිනිස්සුන්ට දැනෙනව අඩුයි. ඒත් අනාගත පරපුර කවදා හෝ මේ දේවල් නිසි ලෙස දකීවී. එදාට අපි කළ කාර්යන්වලට නිසි වටිනාකමකුත් ලැබේවි.

පසුගිය ඡන්දෙදි පොහොට්ටුවට කතිරය ගැසූ බොහෝ අය අද දුක් වෙනවා. මේ තරම් සංවර්ධනයක් කරද්දි රටට නිදහස ලබා දෙමින් තිබෙද්දි පොහාට්ටුවට කතිරය ගැසීම ගැන ඒ අය දුක් වෙනවා. ඒත් අපි කියනවා දුක් වෙන්න එපා. තව කාලේ තියෙනවා වැඩ කරන්න. එන්න අප හා නැවත එක්වෙන්න කියල ඒ ජනතාවට ආරාධනා කරනවා.

නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු ආණමඩුවේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

– ජයකාන්ත ලියනගේ

96 views

18 Comments to “පොහොට්ටුවට ඡන්දය දීම ගැන ඒ අය අද දුක් වෙනවා.. අද මේ තරම් සංවර්ධනයක් වන නිසා..”

  1. Boo says:

    All these Toyyas have slave mentality and love to find someone even a bank robber to worship.

  2. kith says:

    muge uthura dakuna maruwela.

  3. Tikiri says:

    ඔවු අනෙ අපී ඉන්නෙ හරි දුකෙන්
    තියල බලනවා ඊලග මැතිවරණය දූක පෙන්වන්න.

  4. thilan says:

    2005 Mahinda rata baraganna kalin lankawe arthikaya dollar billion 20. Mahinda meka bars aragena avurudu 10 athulatha dollar billion 80 kala. Dollor billion 15 arthikaya hadaganna bari unp wage ahinsaka paksha mahindage dadi dakshinansika dollar billion 80 arthikayak run karranada.

  5. Newzealand says:

    Mu putha beepu ara watura beelada koheda

Main News