පොහොට්ටුවට ජන බලයක් නැති බව ඊයේ ඔප්පු කර පෙන්නුවා..- අගමැති

September 6, 2018 at 3:50 pm | lanka C news
පොහොට්ටුවට ජන බලයක් නැති බව ඊයේ ඔප්පු කර පෙන්නුවා..- අගමැති

පොහොට්ටු පක්ෂයට ජන බලයක් නැති බව ඊයේ දිනයේ ඔප්පු කර පෙන්වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

පොහොට්ටුවට ජන බලයක් නැති බව මෙන්ම මාධ්‍යට බච බලයද නැති බව ඊයේ දිනයේ විරෝධතායේදි පෙනුණු බව ඒ මහතා කියයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති හැත්තෑ දෙවැනි එම පක්‍ෂ සංවත්සර සමුළුව අමතමිනි.

පක්ෂයේ මීළඟ නායකයන් බිහි කරන වැඩපිළිවෙළ තමන් සිදුකරමින් සිටින බවත් 2025 ගැන ඔවුන් සිතිය යුතු බවක් නැති බවත් ඔවුනට 2030 ගැන සිතන්නැයි තමන් කියන බවත් ඒ මහතා එහිදී කියා සිටියේය.

2025 දී පමණක් නොව 2030 දී ද මෙරට ක්‍රියාත්මක වන්නේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් යැයි ද අගමැතිවරයා තවදුරටත් පැවැසීය.

1,199 views