පොහොට්ටුවට තනිව දිනන්න පුළුවන් කියන්නේ එජාපයට කඩේ යන අයයි.. අපේ අපෙක්‍ෂක ගෝටාභය පමණයි..- ගම්මන්පිල ගිනි අවුලයි..

February 15, 2019 at 10:32 pm | lanka C news
පොහොට්ටුවට තනිව දිනන්න පුළුවන් කියන්නේ එජාපයට කඩේ යන අයයි.. අපේ අපෙක්‍ෂක ගෝටාභය පමණයි..- ගම්මන්පිල ගිනි අවුලයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලබාගත් ඡන්ද ප්‍රතිශතය උපරිම වශයෙන් 42% වූ බවත් එනිසා මීළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත විය යුතුම බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානයට විරුද්ධව කතා කරන ඕනෑම අයෙකු සිදු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවීමේ කොන්ත්‍රාත්තුව ඉටු කිරීම බව ද ඔහු පෙන්වා දෙයි.

මීළඟ ජනාධිපතිවරණය සඳහා තම පාර්ශවය අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින නමුත් අවසන් තීන්දුව තනිවම නොගන්නා බවත් සියලු දෙනා එක් වී ජයග්‍රහණය කිරීමට වැඩිස ඡන්ද ලබා ගත හැකි ජනප‍්‍රියම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීමෙන් නොනැවතී ජනාධිපතිවරයා බවට පත් කිරීමට තමන් පෙනී සිටින බව ද ඔහු සඳහන් කළේය.

26 views
Main News