පොහොට්ටුවට තනිව දිනන්න බෑ කියන්නේ කිසිදා තනිව තරග නොකල පක්‍ෂ කිහිපයක්..

February 18, 2019 at 4:40 pm | lanka C news
පොහොට්ටුවට තනිව දිනන්න බෑ කියන්නේ කිසිදා තනිව තරග නොකල පක්‍ෂ කිහිපයක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැ0තිවරණයකට තනිව තරග නොකළ පිරිසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න  රණතුංග මහතා ප්‍රකාශ කළේය.

පොදුජන පෙරමුණට තනිව තරග කර ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කළ හැකි ආකාරය පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලොවටම පෙන්වූ බව පැවසූ රණතුංග මහතා මීළඟ ජනාධිපතිවරයා මෙන්ම මීළඟ ආණ්ඩුවත් බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 10ක වියදමින් සංවර්ධනය කෙරුණු මිනුවන්ගොඩ, උඩුගම්පොළ, පේඬිපොළ මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (17) සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලැබූ ජයග්‍රහණයට වසරක් පිරීම නිමිත්තෙන් රුපියල් ලක්ෂ 1200ක වියදමින් මාර්ග 120ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම මාර්ගය සංවර්ධනය කළේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව විසිනි.

ඉතිහාසයේ කිසිම පක්ෂයක් නොලැබූ ජයග්‍රහණයක් ලබන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වුණා. බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදපු වෙලාවෙවත් එවැනි විශිෂ්ට ජයක් ලබන්න පුළුවන් වුණේ නැහැ. අලුතෙන් හදපු පක්ෂයක් වශයෙන් පොදුජන පෙරමුණ ඒ ලැබූ ජයග්‍රහණය සුළුකොට තකන්න කාටවත් බැහැ.

පක්ෂයක් වශයෙන් පොදුජන පෙරමුණට ඒ ජයග්‍රහණය ලබන්න හැකිවුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශිර්වාදයෙන් කියන එකත් අපි මතක් කරන්න ඕනේ. මේ පක්ෂය හැදුණේ ජනතාවගේ අවශ්‍යතාව නිසයි. මහින්ද මහත්තයා 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වුණාට පස්සේ මහින්ද මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම නැතිවුණා. ඒ වෙලාවේ මහින්ද මහත්තයාට ආදරය කරන ජනතාවට පක්ෂයක් නැතුව ගියා.

අන්න ඒ හිඩැස පුරවන්න තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා පොදුජන පෙරමුණ ගොඩනැගුවේ. මේ පක්ෂයේ විශේෂත්වය තමයි බිම් මට්ටමේ සිට ගොඩනැගීම. අත්තිවාරම හරියට දාපු ගෙයක් දිගු කාලයක් ශක්තිමත්ව තියෙනවා වගේ බිම් මට්ටමේ ඉඳන් ගොඩනගපු පොදුජන පෙරමුණත් ඉතාමත් ශක්තිමත් පක්ෂයක් කියලා අපි අමතක කරන්න හොඳ නැහැ.

දැන් සමහරු පොදුජන පෙරමුණේ සන්ධානයක් ගැන කියනවා. නිදහස් පක්ෂය සමඟ එකතු නොවුණොත් දිනන්න බැහැ කියනවා. පක්ෂයක් වුණාම සහෝදර පක්ෂ සමඟ එකතු වෙන්න ඕනේ කියන එක අපි පිළිගන්නවා. හැබැයි පොදුජන පෙරමුණට සන්ධාන ගත නොවී දිනන්න බැහැ කියන මතය අපි පිළිගන්නේ නැහැ. මොකද 2018 පළාත් පාලන මැතිවරණයේ දි අපි දිනලා පෙන්නුවා.

නිදහසෙන් පස්සේ මාරුවෙන් මාරුවට ආණ්ඩු කරපු එක්සත් ජාතික පක්ෂයටත් නිදහස් පක්ෂයටත් ඇපත් නැති කරන්න අපට පුළුවන් වුණා. එහෙම නම් මීළඟ ජනාධිපතිවරණයේ දී අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. ඒ නිසා පොදුජන පෙරමුණ අවතක්සේරු කරන කතා අපි සහමුලින් ප්‍රතික්ෂේප කරනවා.

පොදුජන පෙරමුණ තනියම මැතිවරණයට තරග කළ යුතුයි කියන මතයේ අපි එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. අපි මේ මතයේ නොහිටියා නම් නිදහස් සන්ධානය සමඟ එකතු වෙලා තමයි පසුගිය පළාත් පාලන මැතිවරණයටත් තරග කරන්න වෙන්නේ. එහෙම වුණා නම් 2015 අගෝස්තු මහ මැතිවරණයේ දී මහින්ද මහත්තයාගේ පාර්ශ්වයට වෙච්ච අකටයුතුකම් මේ පාරත් වෙනවා.

අපි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරපු නිසයි 2018 ඔක්තෝබර් 26 වැනි දා මහින්ද මහත්තයා අගමැති පුටුවේ වාඩි කරන්න පුළුවන් වුණේ. අපිට දිනන්න බැහැ කියන්නේ තනියම මැතිවරණයකට ඉදිරිපත් වෙලා නැති අයයි. පක්ෂයක් විදියට තමන්ගේ ශක්තිය බලාගන්නවත් මැතිවරණයකට තනිව තරග නොකරපු අය පොදුජන පෙරමුණ මනින්න හදන්නෙත් තමන්ගේ පක්ෂයේ මිනුම් දඬුවලිනුයි.

පොදුජන පෙරමුණ කියන්නේ ජන බලවේගයක්. ඒ බලවේගය වටා දිනෙන් දින ජනතාව එකතු වෙනවා. දිනෙන් දින අපේ පක්ෂය ශක්තිමත් වෙනවා. 2019 ජනාධිපතිවරණයත් දිනලා 2020 මහ මැතිවරණයත් දිනලා අපි පොහොට්ටුවේ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් හදනවා කියලා කවුරුත් මතක තබා ගත යුතුයි. රට හදන්න පුළුවන් අපේ ආණ්ඩුවකට පමණයි.

එදා මහින්ද මහත්තයා ජනාධිපති වෙලා ඉන්න කොට තිබුණ රට නෙමෙයි අද තියෙන්නේ. අවුරුදු තුනකින් රටක් විනාශ කරපු රනිල් වික්‍රමසිංහලාට නැවතත් බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ. මහ බැංකු මංකොල්ල කාලා, රටේ සම්පත් විදේශිකයන්ට විකුණපු මේ පරගැති ආණ්ඩුව මෙදා පාර යවන්නේ ආයේ නොඑන්නයි. රනිල් ඇතුළු සමනල රෑන මේ රටේ ආණ්ඩු කරන අන්තිම වතාව මේකයි.

පාතාලයෝ රජ වුණේ රනිල්ලගේ වැඩපිළිවෙළ නිසයි. රන්ජන් රාමනායක කියනවා කුඩු ගහන ඇමැතිවරුන් ඉන්නවලු. එහෙම අය ඉන්නවා නම් හෙළිදරව් කරන එක රන්ජන්ගේ යුතුකම. රන්ජන් හිතාගෙන ඉන්නේ සැබෑ ජීවිතයත් සෝමා නෝනා හදන චිත්‍රපටියක් කියලයි. රන්ජන්ලා වගේ කාඩ්බෝඩ් වීරයන් ගම්පහින් පාර්ලිමේන්තුවට යවපු අයයි මේවට වගකියන්න ඕනේ.

– ප‍්‍රදීප් අනුර කුමාර

17,471 Viewers

5 Comments to “පොහොට්ටුවට තනිව දිනන්න බෑ කියන්නේ කිසිදා තනිව තරග නොකල පක්‍ෂ කිහිපයක්..”

  1. sunimal says:

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් සමග දීග ගියනිසා ලක්ෂ 62ක් ජනතාව නැවත රැවටෙන්නේ නැහැ

  2. පොරමෝලා says:

    ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සහ ශ්‍රීලංනිපෙ ඡන්ද බෙදුනොත් දිනන්න බැහැ. ඒ වගේම මහ මැතිවරණයෙන් පස්සෙ මෙම බෙදීම නිසා ශ්‍රීංනිපෙ එජාපෙ සමග හවුල් ආණ්ඩුවකට යන්නත් ඉඩ තියෙනවා . මේ තත්ත්වය යටතේ රනතුංගලා වෙල්ගමලගෙ කුමණ්ත්‍රණයේ කොටස් කරුවන් වෙලා දැයි සැකයක් උපදී .

  3. Aurora says:

    ජාතියේ සහ රටේ ඉරණම ඉතාම අවදානම් අවස්ථාවක පවතින මෙවන් අවස්ථාවක තනියම දිනනවා කියන මතය ඉදිරියට ගෙනයන්නේ දේශ ද්‍රෝහීන්ය. එහෙමත් නැතිනම් ඔලුව උදුම්මවාගත් අහංකාර කලකන්නින්ය. එහෙමත් නැතිනම් පට්ට මොට්ටයන්ය. ඉදිරි ජනාධිපතිවරනයේදී කිසිම අවදානමක් නොගත යුතුය. අවස්ථාවාදී සුළුචන්ද වෙන්දේසි වලට යටනොවී දේශප්‍රේමීන් එක මිටට UNP, TNA, JVP සහ NGO දේශද්‍රෝහීන් අන්ත පරාජයකට ලක්කල යුතුය. පොහොට්ටුව සහ ජනාධිපති එක්වීම යනු දේශද්‍රෝහීන් සහ විදේශ බලවේග නාමයෝජනා දිනම පරාදකර හොම්බ බිම උලන බලයයි.

  4. Kadiya says:

    “හැබැයි පොදුජන පෙරමුණට සන්ධාන ගත නොවී දිනන්න බැහැ කියන මතය අපි පිළිගන්නේ නැහැ. මොකද 2018 පළාත් පාලන මැතිවරණයේ දි අපි දිනලා පෙන්නුවා.” මේ ප්‍රකාශයේ ඇති මෝඩ අහංකාරකම කොතරම්ද? පළාත් සභා චන්දෙදි මේ ප්‍රකාශය සත්‍ය නමුත් රටේම චන්ද දෙකට බෙදෙන ජනාධිපතිවරණයේදී ඔය තර්කය වලංගු නොවේ. 50% + 1 ගතයුතු ජනාධිපතිවරණය කටමුල තියාගෙන තමුන්ගේ මෝඩකම ප්‍රදර්ශණය කරන්නවුන් ඒ කුමන අරමුණක් වෙනුවෙන් කරනවාද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුය. රටේ වාසනාවට වරකා ගහේ කොඳුරුවන් වැනි උන් නොවේ රට පිළිබඳව තීරණ ගන්නේ.
    බුධිමත් බව ඇඟේ බරට සමානුපාතික වන්නේ ප්‍රතිලෝමවය.

  5. citizen says:

    Slfp(mahinda) virodi chanda unp ,jvp,Maithree kiyala podi paksha athara bedunoth Mahinda polpithak dammath dinanawa. Unp kiyanne 22% Chanda thiyana podi pakshayak. Slfp kiyanne 46% chanda padanama thiyana maha visala pakshaya. Slfp virodi chanda JVP,unp,kiyala bedunagaman mahindage slfp thani ashwayage race eka duwanne.palathpaalana mathiwarane wine ekai. Uthuru baginahira Tamil minusu 85% Chandra damnath tnata unp sandanayata aran denna puluwan 7% pamanai . unp sandanaya sajith janathipathi diha fonseka gathu chandewath ganne na JVP wenama illana nisa

Main News