පොහොට්ටුවට මෛත‍්‍රීපාල ගත්තාට මං විරුද්දයි.. පොහොට්ටුවේ බහුතරයක්ද විරුද්දයි..

February 20, 2020 at 2:10 pm | lanka C news
පොහොට්ටුවට මෛත‍්‍රීපාල ගත්තාට මං විරුද්දයි.. පොහොට්ටුවේ බහුතරයක්ද විරුද්දයි..

සිය පෞද්ගලික ස්ථාවරය එලෙසම බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකතු කර ගැනීමට තමන් තවමත් විරුද්ධ බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ගැටළුවක් නැතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව එම සන්ධානයේ නාමික තනතුරකට හෝ පත් කිරීම පිළිබද ව එකග විය නොහැකි බව ද රණතුංග මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ සභාපතිධූරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු රණතුංග මහතා මෙසේ ද කීවේය.

‘ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර සන්ධානයක් බිහිවීම පිළිබද ව මම මුල ඉදලම කියපු දේ තමයි මොන සන්ධානය හැදුවත් අපි ඉල්ලන්නේ පොහොට්ටුවෙන් බව. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ සන්ධානයේ සම නායකයා බවට පත් කිරීමට මම විරුද්ධ බව කිව්වා. මම තවමත් කියන්නේ අපිට ශ්‍රිලනිපය සමග සන්ධාන අවශ්‍ය නෑ. අපිට තනිවම පොහොට්ටුවෙන් දිනන්න පුළුවන් කියලයි. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා එකතු කර ගන්නවාට මම ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයක් කැමති නැති බවත් මම කිව්වා. මම දරපු ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. මම තවමත් කියන්නේ අපට තනිව ඉල්ලලා දිනන්න තිබුණා. ඒ වගේ ම මෛත්‍රී සම්බන්ධ කර නොගත යුතු ව තිබුණා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් අද මේ රට තිබෙන තත්ත්වයට වගකිව යුතුයි. එදා මහින්ද මහත්තයට විරුද්ධව ආප්ප කාලා පැනලා ගිය මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙලා රටට කරපු විනාශයට කිසිසේත් සමාව දෙන්න පෞද්ගලිකවම මට බෑ. මේ සන්ධානයේ සභාපතිධූරය කිසිම බලයක් නැති නිකම්ම නිකම් තනතුරක් වුණත් ඒකට මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමාව පත් කළාට මා නම් විරුද්ධයි. මා විතරක් නෙමේ මේ රටට ආදරය කරන බහුතරයක් විරුද්ධයි. පහුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද මහත්තයා වෙනුවෙන් ඡන්දය දුන්න මිනිස්සු බහුතරය විරුද්ධයි. මට වගේම රටේ බහුතරයකටත් මෙමත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තවමත් ශත පහකටවත් විශ්වාස නෑ.

මම මගේ විරෝධය මහින්ද මහත්තයටත්, බැසිල් මහත්තයටත් කිව්වා. මම කියන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පොහොට්ටුව ලකුණින් තරග කරන්න ඉඩ දිය යුතු නෑ. එහෙම එනවාට අපේ පාක්ෂිකයෝ කැමති නෑ. හැබැයි මම මේක දකින්නේ දිට්ඨධම්ම වේදනීය කර්මය ඵලදීමක් විදිහටයි. එදා පක්ෂයක් පිහිටෙව්වොත් පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කියපු මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අද ඒ පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටවපු සන්ධානයේ සභාපතිකම ගන්න වෙලා තියෙනවා. ඔහුට එහෙම වුණ එක ගැන මට තියෙන්නේ සතුටක්. නමුත් ඔහුව එකතු කරගෙන මැතිවරණයට යාම පිළිබද ව මම එදත්, අදත්, හෙටත් විරුද්ධයි. ’

– ප්‍රදීප් අනුර කුමාර

42,117 Viewers

31 Comments to “පොහොට්ටුවට මෛත‍්‍රීපාල ගත්තාට මං විරුද්දයි.. පොහොට්ටුවේ බහුතරයක්ද විරුද්දයි..”

  1. Nariya says:

    Excellent

    • ආප්පයා දයාසිරි අමරවීර දුමින්ද ඇතුලු ශ්‍රීලන්කාකාරයෝ පොහොට්ටුවෙන් ඇවිත් සජිත්ට අගමැතිකම අරන්දෙන්න හදන්නෙ.මහින් දමහත්තය තෙම්පරාදුවෙලා කීවට.තෙම්පරාදුවෙලා තියෙන්නෙ ඇල්වතුරෙන් තමා මයිත්‍රී ලෝක ඇම්ඬෙක් .මට වේදිකාවක අවස්තාවක් දෙන්න මම දෙන්නම් කාටත් ඇස් ඇරෙන්න. ප‍්‍රසන්න මහත්තය හරි.රොශාන් මහත්තය හරි. ජොන්ස්ටන් මහත්තය හරි. මට ඔබතුමන්ලගෙ වේදිකාවෙ එක අවස්තාවක් දෙන්න

    • Kokila says:

      මට පුදුමේ මෙච්චර පොහොට්ටුවේ ඉද්දී මේවගේ හාල් පාරුවෙකුට මෙච්චර හොද ඇමතිකමක් ලැබුනේ කොහොමද කියල. මුන් තමා ජනාදිපති තුමා නැති කරන්නේ. කොහොමටත් මෙදා පාර මෙයාට ගම්පහ මනාප නෑ.

    • Susil says:

      I am too against recruiting MY3, Rilasiri, SB, Duminda Dissanayake into government.
      Not to mention Chandrika.
      They don’t have any vote foundation!

    • Amda says:

      කමක් නෑ…ඉල්ලන්න අරින්න. උන්දැටයි උන්දැගෙ ගොට්ටන්ටයි දෙන්නම් මතක හිටින පාඩමක්. අපේ ලොක්කත් දැන ගන්න ඕනෙ එයා හාල් කෑලි අහුලගෙන ආවට චන්දෙ දෙන්නෙ අපි කියල.

  2. Dharmasiri Dissanayake says:

    ow wiriuddai.My3 nathiwa ubalata election eka dinanna berida.. my3 enawa kiyanne uge set eka aye enawa..vote nathi karaganna wena eka wenne.

  3. Rata Wenuwen says:

    පඹ ආප්පයා මැරිළා ඉපදුනේ නැහැ ආප්පයා ආප්පයාමයි

    • shaliya says:

      උඔ බොරුවට නටන් නැතුව හිටන්, කොටි 5 ස් වතාවක් බොම්බ ගහලා, ජේ. වි. පි. ය උස්සලාවත් දේශපාලනයේ කෙරුමලත් එක්ක ඇරගෙනවත් මරන්න බැරි වුන යකඩ මිනිසා.

    • Dikman Aiyya says:

      ….very true,….Machan,…my3 and the team(all those fellows who slept with Yahapalanaya for 4 years) are going to play a brilliant game this time. Gota / MR and Pohottu fellows wouldn’t know from which side they got fked. The will come to the parliament under this new party and then will join with Sajith to continue the YAHAPALANAYA,…stage 2….FOR SURE…Remember he once said ” putting the signal to left and turning to right is very simple for him”…this is exactly what he is going to do…LOL

  4. shaliya says:

    ඔන්න තවත් අගමැති වෙන්න දගලන මහින්දලාගේ කර මතින් පොරවල් වෙන්න හදන කෙනෙක්, අප්පේ මෙයා රටට තියෙන ආදරය ?

    • Salinda says:

      @Shaliya,

      Haraiyatama hari, rata hadanna uda paninava, Gamapha Hospital eke Lift eka thama hadala ne…Boru show dana rantunga pavula..Mr.Gotabay should remove these useless people from the coming Election..

  5. siri says:

    agree with you.

  6. kari LCN says:

    me dawas wala pohottuwe henchayiyo inne kari kaapu rilawu wage. kata puka wahagena.

  7. cam says:

    ප්‍රසන්න උඹට බැරිනම් පලයන්, අපිට ඕනේ සමගිය,

  8. Luku says:

    අප්පයා රට කැවා ලැජ්ජා නැද්ද ආයේ රෙද්ද අස්සේ දාගන්න.

  9. p.d goonawardena says:

    කියවන දකින අපිත් එහෙම තමා ලොක්කා…ඔය වගේ සර්පයෝ ගත්තට අපිත් එකහෙලාම විරුද්ධයි ….ඉන්නේ ඔබගේ පැත්තේ……තවම බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියල…..ඕකුන්ව හැලුවේ නැත්නම් ලොකු පළුවක් ගැලවෙනවා… එක ඉර හඬ වගේ ඉස්තිරයි…

    • Dikman Aiyya says:

      ….very true,….Machan,…my3 and the team(all those fellows who slept with Yahapalanaya for 4 years) are going to play a brilliant game this time. Gota / MR and Pohottu fellows wouldn’t know from which side they got fked. The will come to the parliament under this new party and then will join with Sajith to continue the YAHAPALANAYA,…stage 2….FOR SURE…Remember he once said ” putting the signal to left and turning to right is very simple for him”…this is exactly what he is going to do…LOL

      • Susil says:

        Dickman!
        You are absolutely right!
        MR is making a mess this time too.
        Please let GR to run the country and the election without any interference from MR and Namal.

  10. අක්බාර් ලොක්කා says:

    පක්ෂ විනය නොතකන මෙවැනි මරි මෝඩයින්ට විරුධව විනය පිවර නොගතහොත් විශාල ගැටළු ඇතිවිය හැකියි

  11. රනිල් says:

    I also same

  12. Wijebahu says:

    Mandale kachal.

  13. T says:

    Baya nathiwa thama adahs prakasha karanna niyama desha palakayek. Appa Sirisena Janadi pathi waranaya dinnama Ratata kala haki hema vishi yak ma kala.

  14. Aruna says:

    Gon kathaa nokiya umbe tharama denagena weda karapan. 2/3 ganna beriunoth eka eka sulu jaathin passe yanna wenawa neda? Eaka therum aragena sinhalayo ekata ekathu wela weda karapalla harakune.

  15. Sakunthala says:

    කද බඩ මහත් වුනාට මොලේ කලදක් නැති අපතයන් මොනව කිවීවත් සැලෙනවද සදුන් ගස

  16. Ayotallah says:

    This person although became the President uneducated having only a training certificate from the Department of Agriculture, became a Grama sevaka convinced Mrs B the leader that his Polonnaruwa MP Leelaratne Wijesinghe is a Drunkard and got rid of him to become the organizer.During his tenure he developed Polonnaruwa but nothing else as a show piece Traveled widely in almost all the countries and hence the people of polonnaruwa has to decide whether they want him again

  17. Sam Fernando says:

    MR and Basil think they can take any decision. They do not want whatever the party members’
    opinions. This must be condemned.
    These two people have taken several decisions recently which show their stupidity.
    They should remember one thing. The majority party members are with GR not with them.

  18. dharme says:

    Bayawenna epa Prasanna mahattavo Api Pohottuwe aya oya Nariyata Polonnaruwen manape denne naha.okawa api maha pare awiddala pennawa.oka MAHA KAPTI NARIVEK.

  19. Ranga says:

    Yes,Prasanna is very correct.This cowered ,nincompoop Gamarala/Patholaya,should not have touch even with a barge pole -.Pohottuwa leaders done a great mistake.No one can trust this Joker!

Main News