පොහොට්ටුවට යන්නේ නෑ.. මං දැම්මේ බෝලයක්..- TB කියයි..
June 18, 2018 at 3:50 pm | lanka C news
තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වන්නේ යයි ප්‍රකාශ කලේ බෝලයක් දමා බැලීමට යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතා සදහන් කර ඇත.
තවත් පස් දෙනෙකු සමගින් පොහොට්ටුවට එක් වන බව ටී.බී. ඒකනායක මහතා විසින් මාධ්‍ය වෙත කර තිබූ ප්‍රකාශයක් ගැන ජනාධිපති කාර්යාලයේදී ඔහු මේ බව පවසා තිබේ.
තමන් දැමුවේ බෝලයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර යාමේ කිසිදු අදහසක් නැති බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත.