පොහොට්ටුවට රටෙන්ම එක ප‍්‍රාදේශීය සභාවක්වත් දින්න බෑ.. ශ‍්‍රිලනිපය හොද තැනක ඉන්නවා..- SB

November 25, 2017 at 3:50 pm | lanka C news
පොහොට්ටුවට රටෙන්ම එක ප‍්‍රාදේශීය සභාවක්වත් දින්න බෑ.. ශ‍්‍රිලනිපය හොද තැනක ඉන්නවා..- SB

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලංකාවේ කිසිදු ප‍්‍රාදේශීය සභාවක බලය ලබා ගැනීමට නොහැකි බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

අඩුම තරමේ හම්බන්තොට දිස්ත‍්‍රික්යේවත් සභාවක් ජයගත නොහැකි වනු ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද යම් අර්බුදයක සිටියත් පසුගිය මහ මැතිවණයට වඩා හොද තැනක සිටින බවද ඔහු පෙන්වා දෙයි.

තනිව තරග වැදුනොත් ශ‍්‍රිලනිපය එන මැතිවරණයේදී සමහර සභාවන්හි පලමු තැනටත්, සමහර සභාවන්හි දෙවන තැනටත්, සමහර තැන්වලදී තුන්වන තැනටත් පත්වනු ඇති බවත් ඔහු කියා සිටී.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරාජය කරවීම සදහා ඒකාබද්ද විපක්‍ෂයේ පිරිසට උවමනාවක් ඇති බව ඔවුන් විසින් දමා ඇති කොන්දේසිවලින්ම පෙනී යන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

33 views

15 Comments to “පොහොට්ටුවට රටෙන්ම එක ප‍්‍රාදේශීය සභාවක්වත් දින්න බෑ.. ශ‍්‍රිලනිපය හොද තැනක ඉන්නවා..- SB”

  1. චීනා says:

    ඔබ තුමාට ප්‍රාදේසිය සභාවක්වත් ඩදිනන්න බඅරිබව අපි හොදින් දන්නවා

  2. යුක්තිය says:

    ඒකනේ ලොක්කා අර මුස්තාෆට කනට එකක් ගහල හරි ච්න්දෙ තියන්න කියන්නකෝ කල් මරන්නෙ නැතුව….

Main News