පොහොට්ටුවට 40යි.. අපට 17යි.. නිල ඡන්ද ප‍්‍රතිපල මට දුන්නා.. ඇමති අමරවීර සමග අමුතුම 360ක්..[Video]

April 24, 2018 at 2:10 pm | lanka C news
පොහොට්ටුවට 40යි.. අපට 17යි.. නිල ඡන්ද ප‍්‍රතිපල මට දුන්නා.. ඇමති අමරවීර සමග අමුතුම 360ක්..[Video]

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ගිය පළාත් පාලන මැතිවරණයේදී ලබාගත්තේ 40%ක ඡන්ද ප‍්‍රතිශතයක් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තමනට නිල වශයෙන් පැවසූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්දානය සහ සහෝදර පක්‍ෂ විසින් ලක්‍ෂ 17ක් ඡන්ද ලබා ගෙන ඇති බවත් ඔහු සදහන් කලේ ඊයේ පැවති දෙරණ 360 වැඩසටහනට එක්වෙමිනි.

එම මැතිවරණයේ පක්‍ෂ විසින් ලබා ගත් ප‍්‍රතිපල ගැන මාධ්‍ය නාලිකා විසින් ඉදිරිපත් කල ප‍්‍රතිශතයන් වැරදි බවත් කිසිදු පක්‍ෂයක් මැතිවරණය ජයගත්තේ නැති බවත් ඇමතිවරයා සදන් කලේය.

ඊට මැදිහත් වෙමින් නිවේදක සංඛ අමරජිත් මහතා සදහන් කලේ පළාත් පාලන මැතිවරණයේ අවසන් නිල මැතිවරණ ප‍්‍රතිඵලයක් මෙතෙක් නිකුත් කර නැති බවත් එසේ නිකුත් කිරීමට උවමනාවක්ද නැති බව මැතිවරණ කොමිසම තම ආයතනයට දැනුම් දුන් බවත්ය.

නමුත් මැතිවරණ කොමිසම විසින් තමන් කල විමසීමකදී නිල ප‍්‍රතිපල දැන්වූ බව ඇමති අමරවීර කියා සිටියත් ඒ බව සනාථ කල හැකි කිසිදු නිල ලේඛණයක් ඔහු සතු නොවීය.

මෙතෙක් දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහන්වලට වඩා අමුතුම ආරක් ගත් විනෝදාස්වාදය පිරි වැඩසටහන් ආකාරයෙන් එය පැවැත්වූ බව සමජ ජාලාවන්හි ප‍්‍රතිචාර පලව ඇත.

සම්පූර්න වැඩසටහන මෙතනින්

355 views

13 Comments to “පොහොට්ටුවට 40යි.. අපට 17යි.. නිල ඡන්ද ප‍්‍රතිපල මට දුන්නා.. ඇමති අමරවීර සමග අමුතුම 360ක්..[Video]”

  1. PARAKUM says:

    Never ever vote this type of political dummy people.

Main News