පොහොට්ටුවන් විශාල පිරිසක් කණස්සල්ලෙන්.. අද සමුළුවට ආරාධනා නෑ..
August 11, 2019 at 6:48 pm | lanka C news
අද දිනයේ පැවැත්වෙන ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනය සඳහා එම පක්ෂයේ ක්රියාකාරීන් විශාල පිරිසකට ආරාධනා ලැබී නැති බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් එම පිරිස යම් කණස්සල්ලෙන් පසුවන බව එම පක්ෂ ආරංචි මාර්ග කියා සිටියේය.
කෙසේ වෙතත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන්නේ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ ආසන පහසුකම් ඇත්තේ පන්දහසක පමණ පිරිසකට පමණක් බැවින් කැඳවිය යුතුම පිරිස පමණක් කැඳවා ඇති බවයි.
පක්ෂයේ මහජන නියෝජිතයන් කැඳවා ඇති බවත් ඊට අමතරව සහෝදර පක්ෂවල නායකයන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ද ආරාධනා කර ඇති බවත් එම පක්ෂය කියා සිටී.