පොහොට්ටුවෙන් අදම ආදර්ශයක්.. ජාතික ලයිස්තුව නම් කර බාර දෙයි.. කිසිදු පරාජිත අපේක්‍ෂකයෙක් නෑ.. ලයිස්තුව මෙන්න..

August 7, 2020 at 6:21 pm | lanka C news
පොහොට්ටුවෙන් අදම ආදර්ශයක්.. ජාතික ලයිස්තුව නම් කර බාර දෙයි.. කිසිදු පරාජිත අපේක්‍ෂකයෙක් නෑ.. ලයිස්තුව මෙන්න..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමනට මෙවර මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 17 නම් කර තිබේ.

අද දින මැතිවරණ කොමිසම් සභාවට අදාළ නම් යවා තිබේ.

කිසිදු පරාජිත අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවේ නැති වීම විශේෂත්වයකි.

ඒ අනුව එම පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් මෙසේය.

  1. නීතිය පිළිබඳ ගෞරවාන්විත මහාචාර්ය ජී එල් පීරිස් මහතා
  2. නීතීඥ සාගර කාරියවසම් මහතා
  3. හිටපු මහ බෑංකු අධිපති ,වරලත් ගණකාධිකාරි අජිත්න්නිවාඩ් කබ්රාල් මහතා
  4. ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්රි මහතා
  5. ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ අහතා
  6. විශ්‍රාමික ගුරු උපදේශිකා මංජුලා දිසානායක මහත්මිය
  7. ජ්‍යේෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා
  8. මහාචාර්ය චරිත් හේරත් මහතා
  9. සමාජ ක්‍රියාකාරි ගෙවිඳු කුමාරතුංග මහතා
  10. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා
  11. මහාචාර්ය තිස්ස විතාරණ මහතා
  12. ඉංජිනේරු යදාමිණි ගුනවර්ධන මහතා
  13. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් මහතා
  14. ව්‍යාපාරික ටිරාන් අලස් මහතා
  15. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය
  16. ප්‍රවීන කලාකරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා
  17. ව්‍යාපාරික මොහොමඩ් ෆලීල් මර්ජාන් මහතා

– SLPP

441 views

35 Comments to “පොහොට්ටුවෙන් අදම ආදර්ශයක්.. ජාතික ලයිස්තුව නම් කර බාර දෙයි.. කිසිදු පරාජිත අපේක්‍ෂකයෙක් නෑ.. ලයිස්තුව මෙන්න..”

  1. බන්ඩා says:

    මහින්ද ගෙ පරන පුරුද්දට යූඑන්පී කැටයා සහ සුනාමි අලස් ජාතික ලැයිස්තුවට ගෙනල්ලා.

  2. desta says:

    ara koholla baba wage inna melo rahak nethi ketagodayath innawa hi hi hi

  3. Patriot says:

    Tiran & Jayanatha are bad choice. 3 Muslims are too much except Mohomad Musamlae. He is a true sri lankan. Lets hope other 2 wont be a headache to the goverment when they make important decisions . This is our last chance. Our country is small. one marriage to everyone is enough. So lets hope government has backbone to change these rules.

  4. Manike says:

    Ali sabri and fallel ට වටින්නේ නෑ ජාතික list එකෙන් එන්න මොකද මේ පාරත් සිංහල ජන්ඳ විතරයි පොහොට්ටුව ට දීල තියෙන්නේ. අනිත් ජාතීන් එක්කෝ ජන්දේ දීල නෑ, හෝ තමන්ගේ ජාතියේ අයට විතරයි දීල තියෙන්නේ. අනික මේ දෙන්නත් තමන්ගේ ජාතිය ගැන විතරයි කතා කරන්නේ. ගොඩක් පරිස්සමින් වැඩ කරන්න වෙයි

  5. අමල් says:

    තම්බී මුදලාලි මොකද? තවත් ඉබ්‍රාහිම් නානා කෙනෙක්?

  6. BANGOYYA says:

    හමුදාව් 3000ක් මැරුවා කියලා පුරසාරම් දොඩපු එකයි, ඌට ඒකට සහයෝගය දීපු එකයි, සහරාන්ලාට පඩි ගෙවපු එකයි, සහරාන්ල ගහන බව දැනගෙන මොකුත් නොකර රට්න් පැනල ගිය එකයි, මිනිහෙක් මරල එල්ලුම්ගස් ගිය එකයි, එතනෝල් මුදlලාලිලයි, කුඩු ජාවාරම් කාරයොයොයි පාර්ලිමෙන්තු යැව්වෙ අන්තවාදීන්ගෙන් රට බේරගන්න කියලා බයියො කියනව. රට බේරෙයිද?

Main News