පොහොට්ටුවෙන් අලූත් මෙහෙයුමක් අරඹයි…

June 21, 2018 at 12:00 pm | lanka C news
පොහොට්ටුවෙන් අලූත් මෙහෙයුමක් අරඹයි…

පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණයේ උණුසුම සමග අලූත් ආසන සම්මන්ත‍්‍රණ මාලාවක් මෙහෙයවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. දැනට නිල කාලය අවසන් වී ඇති නමුත්, මැතිවරණය කල් දමා තිබෙන උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් 03 ක් එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී නිල කාලය අවසන්වීමට නියමිත වයඹ, උතුර සහ මධ්‍යම යන පළාත් තුළ මෙම සම්මන්ත‍්‍රණ මාලාව පළමුව පැවැත් වීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලසුමයි.

මෙම සම්මන්ත‍්‍රණ මාලාවෙහි මෙහෙයුම් සැලසුම පිළිබ`ද පූර්ව සාකච්ඡුාවක් අද (21) නෙ`ඵම් මාවත කාර්යාලයේදී පැවැත්වින.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡුාවට එම පළාත් නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මැති ඇමතිවරුන් සහ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා ස`දහන් කළේ ආණ්ඩුව විසින් දිගින් දිගටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙසින් කල් දමමින් සිටින පළාත් සභා මැතිවරණය දිනා ගැනීමේ මහජන අරගලය ලෙස මෙම සම්මන්ත‍්‍රණ මාලාව ආසන මට්ටමින් ක‍්‍රියාත්මක කරන බවයි.

මහජන අරගලයක් තුළින් පසුගිය පළාත් පාලන මැතිවරණය දිනාගත් පරිද්දෙන් ආණ්ඩුවට බලපෑම් කර පළාත් සභා මැතිවරණයද දිනාගත යුතු බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කලේය.

ආසන සම්මන්ත‍්‍රණ මාලාවට සමගාමීව, ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ මාලාවක්ද රට පුරා මෙහෙයවීමට සූදානම් බවත් ඔහු සදහන් කලේය.

මෙම ප‍්‍රයත්නයට අමතරව කල් දමා ඇති පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට අවධාරණය කිරීම පිණිස පළාත් පාලන ආයතන තුළත්, පළාත් සභා තුළත් යෝජනා සම්මත කිරීමේ සූදානමක් පිළිබ`දවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

යෝජිත ආසන සම්මන්ත‍්‍රණ මාලාව ජුලි 14, 15, 21, 22 සහ 28, 29 යන සති අන්තයන්හි පැවැත්වීමට නියමිතයි.

සම්මන්ත‍්‍රණ මාලාව පිළිබ`ද පූර්ව සාකච්ඡුාවට මහාචාර්ය ජී.එල්. පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, පවිත‍්‍රා වන්නිආරච්චි, ප‍්‍රියංකර ජයරත්න, රංජිත් සොයිසා, එස්.සී. මුතුකුමාරණ, කනක හේරත්, ජානක වක්කුඹුර, ශේහාන් සේමසිංහ, අරුන්දික ප‍්‍රනාන්දු සහ එස්.එම්. රංජිත්, මහීපාල හේරත් යන හිටපු ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියා.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

24 views

5 Comments to “පොහොට්ටුවෙන් අලූත් මෙහෙයුමක් අරඹයි…”

  1. නාගසිංහ says:

    මැතිවරණ කල් දැමීම යහපාලනයද ඒකාධිපති පාලනයද?
    රාජපක්ෂලා ඒකාධිපතියන් යැයි රාජපක්ෂ භීතිකාවක් මවා බලයට පැමිණි ගූNP යහපාලකයින් සැබෑම ඒකාධිපතියන් තමන් බව මුළු රටටම ඔප්පු කරමින් පවතී.

  2. Saradiel says:

    එකවිට ලක්ෂයක් මහජනතාව රට වෙනුවෙන් පාරට බැස්සොත් මේ ජඩපාලනය පන්නා දැමිය හැකිය

  3. bandu says:

    Who is this Basil, is he that 10-50%? This time he will end up with acquire the whole country, and change the name of this country to Rajapussaland.

  4. Nimal Tissa Wijethunga says:

    JO, SLPP and other progressive parties join together and take the peole of this country to the street and you all shall give th e leadership to masses to force the government to hold elections.At this juncture, this is the only way forward as it is not easy to change the composition of the Parliament to topple the government.

    Bringing the masses to the street and also it can be extended as a civil disobedience campaign as well where even it may lead to call for General Election as well.

Main News