පොහොට්ටුවෙන් ඉදිරි මැතිවරණය පරදින කිසිවෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නෑ..

January 23, 2020 at 4:40 pm | lanka C news
පොහොට්ටුවෙන් ඉදිරි මැතිවරණය පරදින කිසිවෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නෑ..

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වෙන කිසිදු අපේක්ෂකයෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකරන බව රජය පවසයි.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු මීලග ආණ්ඩුවේ එවන් අය නැති බව රජයේ මාධ්‍ය ප්‍රකාශකයන් විසින් පවත්වන ලද මාධ්‍ හමුවේදී කියා සිටියේය.

එමෙන්ම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තරඟ වැදිය යුත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් බවද සඳහන් කළ ඔවුහු එය වෙනස් කිරීමට නම් සාධාරණ සහ ඉතා ප්‍රබල සාධක වුවමනා බවද සඳහන් කළහ.

165 views

12 Comments to “පොහොට්ටුවෙන් ඉදිරි මැතිවරණය පරදින කිසිවෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නෑ..”

  1. Boo says:

    ජනාධිපතිතුමනි, මෙය, එනම් මැතිවරණයෙන් පරදින ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන කිසිම අපේක්ෂකයෙකුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යා නොහැකිවන ලෙස ව්‍යවස්ථාවට මෙය ප්‍රතිපත්තියක් ලෙස ඇතුල්කලොත් ?

    එය ඒ ඒ පක්ෂයේ ප්‍රතිපත්තියක් නොව කාටත් පොදු ජාතික ප්‍රතිපත්තියක් විය යුතුයි, මන්ද ජනතාවගෙන් ප්‍රතික්ෂේපවන පුද්ගලයින් ජනතාව වෙනුවෙන් පස්ස දොරෙන් පාර්ලිමේන්තු යාම දරාගත නොහැකි විහිළුවක් වන හෙයිනි.

Main News