පොහොට්ටුවෙන් කුඨ ලේඛන ඉදිරිපත් කරලා..- ශ‍්‍රීලනිපයෙන් පැමිණිලි

December 20, 2017 at 11:20 am | lanka C news
පොහොට්ටුවෙන් කුඨ ලේඛන ඉදිරිපත් කරලා..- ශ‍්‍රීලනිපයෙන් පැමිණිලි

ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විමට බලාපොරොත්තු වන රාජ්‍ය හා සංස්ථා මණ්ඩල වල සේවකයින්ගේ නිවාඩු අනුමත කිරීම සදහා කූඨ ලිපි ශිර්ෂයක් යොදාගෙන ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා වෙත ලිපියක් යොමුකරමින් මාතලේ දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසිල් පේ්‍්‍රමරත්න මහතා මේ බව සදහන් කර තිබේ.

ආයතන සංග‍්‍රහයේ පළමුවැනි කාණ්ඩයේ XXXII පරිච්ෙඡ්දය යටතේ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විදිමට හිමිකම් ඇත්තාවු නිලධාරින් නිවාඩු අනුමත කර ගැනීම සදහා එම පක්ෂයේ ලේකම් විසින් නිසි ලිපි ශීර්ෂයක් භාවිත කර තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව තහවුරු කල ලිපියක් ආයතන ප‍්‍රධානියා වෙත ඉදිරි පත් කලයුතු බව සුසිල් පේ‍්‍රමරත්න මහතා සිය ලිපියෙන් කියා සිටියි.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් භාවි කරන ලිපි ශිර්ෂයක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෙන්ම වත්මන් අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡයාරුපය සහිත ලිපි ශිර්යක් මගින් ආයතන ප‍්‍රධානින් වෙත නිවාඩු ලබා ගැනීම ස`දහා ලිපි ඉදිරිපත් කර ඇති බව සුසිල් පේ‍්‍රමරත්න මහතා සිය ලිපිය මගින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කර තිබේ.

එම ලිපි අවලංගු කිරීමට හෝ පිලි නොගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් මාතලේ දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබේ.

අදාල ලිපියේ පිටපතක් මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා වෙත ද යොමුකර තිබේ.

– ඉන්දික අරුණ කුමාර

190 views

5 Comments to “පොහොට්ටුවෙන් කුඨ ලේඛන ඉදිරිපත් කරලා..- ශ‍්‍රීලනිපයෙන් පැමිණිලි”

  1. මාභරණ says:

    ඔය හොරුන්ට එදා ඉදන්ම පුරුද්ද තිබ්බේ හොරා කෑමම තමයි…. ඒවාට රටේ උගත් මිනිස්සු රැවටෙන්නේ නැහැ…. ඒකනේ මීටත් වඩා සුපිරියටම හිටපු වෙලෙත් මිනිස්සු අලිබබාටයි හොරු 40ටයි හතර ගාතෙන් වැටෙන්නම දුන්නේ…. මෙදා පාර ඊටත් වඩා ෂොටි එකක් හම්බ වෙනවා ෂුවර්…. පවු බං මහ රාජා……

    • Sunil says:

      ඕං බලපන් මහ රජා චන්දෙන් පස්සෙ අංගොඩ තමයි නවතින්නෙ

  2. Aurora says:

    මහින්ද රාජපක්ෂ නමැති සන්නාමය අද ලංකාවේ ජනප්‍රියතම හා ඉහලම වටිනාකමක් සහිත සන්නාමය හෙයින් එය අයිතිකරගනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකම උත්සාහ කරති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයට වටිනාකමක් තිබුනට මෙලෝ වටිනාකමක් නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා නිසා සිදුවන අවාසිය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයෝ පිස්සු හැදිලා කරන කටයුතු තමයි මේ. මේ සියලුම උත්සාහයන් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තියන බයට. චන්දෙන් කුජීතවෙන බව දන්නා නිසා.

  3. Notthischange says:

    Mahindage photo ekak gaththama mahindata aulakna. me koheda yana hipatuwekne kalabala wela thiyenne…

  4. sama says:

    Sour Grapes!!!! I never thought this man will fall this low. Pohottuwa should never collaborate with these people.

Main News