පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්න යන්නේ සුපිරි හොරු සෙට් එකක්…- සුසිල් කියයි..

November 21, 2017 at 8:40 am | lanka C news
පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්න යන්නේ සුපිරි හොරු සෙට් එකක්…- සුසිල් කියයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා වෙන්කිරීමට උත්සහා කරනුයේ ග‍්‍රාමීය මට්ටමීන් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශ කළ පිරිසක් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත‍්‍රික් සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න මහතා පවසයි

පසුගිය සමයේ විවිධ කොන්ත‍්‍රාත් කරමින් ජරාජීර්න වූ ප‍්‍රාදේශිය සභා සභාපතිවරු හා මන්ත‍්‍රිවරු පිරිසක් උත්සහ කරමින් ඇත්තේ මහින්ද රාජපක්ෂගේ නම විකුණා ඡුන්දයට මුහුණ දීමට බව ද හෙතෙම පැවසීය.

සමාජ විරෝධි ක‍්‍රියාවන් සිදුකල පිරිස් සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නාම යෝජනා නොලැබෙන බවත් ඒ නිසාම යුද්ධය දිනු මහින්ද ට ලබාදෙන ඡන්දය ඔවුන්ට ලබාගන්නට උත්සහදරන කල්ලියක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට උත්සහා දරන බව ද සුසිල් පේ‍්‍රමරත්න මහතා සදහන් කළේය.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබ`දව මාධ්‍ය දැනුවත් කිරීම සදහා නාඋල දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සුසිල් පේ‍්‍රමරත්න මහතා මේ බව සදහන් කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත‍්‍රික් සංවිධායක සුසිල් පේ‍්‍රමරත්න මහතා මෙසේ ද කීය.

‘‘ මේ වෙනකොට කිසිම තැනක මහින්ද මහත්තයා කියලා නැ පොහොට්ටුවට ඡුන්දේ දෙන්න කියලා.

මේ මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ නියෝජිතයෝ පිරිසක් වත්මන් සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යොදවන්න කටයුතු කරනවා.

ඒ දාන පිරිස ¥ෂිතයෝ,කොන්ත‍්‍රාත් කරුවන්,හරක් හොරු,ස්ත‍්‍රි ¥ෂකයෝ ,කසිප්පු කාරයෝ,ගංජා කාරයෝ , කැලෑ කපපු මිනිස්සු වගේම වැලි පටෝපු මිනිස්සුත් නෙමෙයි.

බුද්ධිමත් පිරිසක් ඒ ස`දහා සූදානම් කරලා තියෙන්නේ. හැබැයි පාක්ෂිකයා දැනගන්න ඕනේ මහින්ද මහත්තයා ඉන්නනේ කොතනද කියලා.

මහින්ද මහත්තයා පපුවට ගහගෙන කියනවා මම ශ‍්‍රී ලංකා කාරයෙක් කියලා එතකොට කොහොමද කියන්නනේ එතුමා පොහොට්ටුවේ කියලා.එතුමා තවමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක වරයෙක්. දැන් කරන්න තියෙන්නේ ගමේ පිරිස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වටේ රොක්වෙන එක.

මේ ජී එල් පීරිස් වගේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පුද්ගලයෙක් හදලා තියෙන පක්ෂයකට ගිහින් කොහොම ද අපි බලයක් ගොඩ නගන්නේ.කොටිම්ම අනුරාධපුරේ රැලියට ගිහින් මහින්ද මහත්තයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව කතාකළේ නැහැනේ.

අපි කරන්න ඕනේ ජී එල් පීරීස් වගේ පුද්ගලයෙක් හදන පොහොට්ටුවට යන එක ද ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය වටා එක් රොක් වෙන එක ද අපේ බොහෝ දෙනෙක් ඉන්නේ මුලාවෙලා. මේ ගමේ ඉන්න ¥ෂිතයෝ රැල දන්නවා ඒ අයට නාම යෝජනා ලැබෙන්නේ නෑ කියලා. කොහොම වෙලාවත් මේ අයට මැතිවරණයට යන්න බෑ. මොකද මැතිවරණ නීතියට අනුව වෙනත් පක්ෂයක සමාජිකයෙකු ගේ ෆොටෝ එකක් ගහගෙන ඡන්දෙට යන්න බෑ.

මේ ජී එල් ගේ පොහොට්ටුවේ කට්ටිය කොහොම ද මහින්ද මහත්තයාගේ පොටෝ එකක් ගහගෙන ගමට යන්නේ. හැබැයි අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක කියලා අපිට යන්න පුලූවන් මහින්ද මහත්තයාගේ පොටෝ එකක් ගහගෙන.

පොහොට්ටුවට පාර්ලිමේන්තුවත් පළාත්සභාවත් නැති එකේ ප‍්‍රාදේශිය සභාවක් නගර සභාවක් දිනාගෙන කොහොම ද ගමට වැඩක් කරන්නේ කවුද ප‍්‍රතිපාදන දෙන්නේ ගමට වැඩක් කරන්න.‘‘ යැයිද සදහන් කළේය.

– ඉන්දික අරුණ කුමාර

153 views

13 Comments to “පොහොට්ටුවෙන් ඡන්දේ ඉල්ලන්න යන්නේ සුපිරි හොරු සෙට් එකක්…- සුසිල් කියයි..”

  1. Arjoooon says:

    Mama Baaala Thel Nawakma Nomile Bedanawa Me Kiyapu Kathawata

Main News