පොහොට්ටුවෙන් ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙකු පත් කරන්න හදනවා.. අරගලයේ අරමුණ ඒක නොවෙයි…

July 16, 2022 at 6:20 am | lanka C news
පොහොට්ටුවෙන් ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙකු පත් කරන්න හදනවා.. අරගලයේ අරමුණ ඒක නොවෙයි…

වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරයෙක් සහ පොහොට්ටුවෙන් අගමැතිවරයෙකු පත් කර ඉදිරියට යෑමට බවත් ඒ තුලින් ජනතා අභිලාෂයන් ඉටු වෙයිද කියන්න බැරි බවත් අපේ එකගතාවය වන්නේ සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුව බව විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා .

‘වර්තමාන තත්ත්වය තුළ සමගි ජන බලවේගය පසුගිය දිනවල උත්සාහ කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සදහා අපේ දායකත්වය ලබා දෙන්න. සමගි ජන බලවේගය සහ අපිට සහාය දෙන මන්ත්‍රීවරුන් ඉන්නේ 62යි අණ්ඩුවක් හදන්න බෑ .නමුත් දස දෙසින් එන පණිවිඩය තමයි සියලු දේශපාලන පක්ෂ එකතු වෙලා ආණ්ඩුවක් හදන්න කියන එක. අතිපූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලා, ක්‍රිස්තියානි ආගමික නායකයින් ,හින්දු මුස්ලිම් ආගමික නායකයින්, විද්වතුන් හැමකෙනාම කිව්වේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. අපි එයට උත්සාහ දැරුවා අදත් උත්සාහ කරනවා නමුත් විපක්ෂයේ ඉන්න දේශපාලන පක්ෂ එකතුවෙලා රැස්වීම් ගණනාවක් පැවැත්වූවා එහිදී ඊයේ තිබුණු සම්මුතිය අද තිබුණේ නැහැ .

ඊයේ විපක්ෂයේ ඉන්න සියලු දෙනාගේ සම්මුතියක් තිබුණා එහි දී ප්‍රකාශයට පත් කළේ රජයේ ප්‍රධාන නිලතල දෙක ආණ්ඩුව සහ විපක්ෂය බෙදාගෙන කටයුතු කළ යුතුයි කියලා .ඒ මතය සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් හා ඊයේ රැස්වීමට සහභාගි වෙච්ච විපක්ෂයේ මන්ත්‍රීවරුන් කැමැත්ත පළ කළා .නමුත් අද අපි උත්සාහ කළේ පක්ෂ නායක රැස්වීමට කලින් විපක්ෂයේ මන්ත්‍රීවරු නැවත රැස්වෙලා ඊයේ ගත්ත අදහස තුල තවම ඉන්නවද බලන්න. නමුත් අද අපි රැස් වෙන කොට එම කණ්ඩායමේ කිහිප දෙනෙක් ඊයෙ ගත්ත මතයේ හිටියේ නැහැ. කොටින්ම කියනවා නම් විපක්ෂයේ සම්මුතිය ඇති කර ගන්න බැරි වුණා. විපක්ෂය කියන්නේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් විතරක් නෙමෙයි අනිකුත් පක්ෂවල ඉන්න මන්ත්‍රීවරු ආන්ඩුවේ විපක්ෂයේ පැත්තේ වාඩි වෙච්ච මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් . අපි අද කතානායකතුමාට යෝජනා කරන්න හිටියේ විපක්ෂයේ අදහස සම්මුතියකින් මේ රටේ නිලතලවලට කෙනෙක් ඉදිරිපත් කරනවා කියන්න. නමුත් සම්මුතිය අද උදේ ගන්න බැරි වුණ නිසා අපි ඒ අදහස අත්හැරියා .අපි තවම ඉන්නේ ඒ මතයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදුවොත් තමයි මේ රටේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ. ඒ වගේම ජනතා අරගලයත් බලාපොරොත්තු වෙන්නේ දැන් ඉන්න ආණ්ඩුවට අලුත් මුහුණ දාලා ඉදිරියට යෑමක් නෙමෙයි. වර්තමාන ආණ්ඩුව හදන්නේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරයෙක් පොහොට්ටුවෙන් අගමැතිවරයෙක් පත් කරගෙන ඉදිරියට යන්න එහිදී ජනතා අභිලාෂයන් කෙසේ ඉටුවේද කියලා කියන්න බැහැ. නමුත් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාදාමය එය බව ප්‍රකාශ කරන්න කැමතියි.

අපි අදත් සූදානම් නමුත් මන්ත්‍රීවරු 62 යි අපිට ඉන්නේ.මිලදී ගන්න අවශ්‍ය මුදල් අපිට නැහැ. නමුත් ඒ 62 වුනත් සර්වපාක්ෂික ආණ්ඩුවට ලබා දීලා මේ රට වැටිල තියෙන අගාධයෙන් ගොඩ ගන්න අපි සූදානම්. නමුත් ඉතාමත් පැහැදිලියි මේ රජය සූදානම් නැහැ කියන එක රජය උත්සාහ කරන්නේ පරණ ක්‍රමයට විවිධ පක්ෂ වලින් කණ්ඩායම් කඩාගෙන මන්ත්‍රීවරු මිලදී අරගෙන ආණ්ඩුවක් හදන්න .නමුත් රට දැනගන්න ඕන අපි පක්ෂයක් හැටියට සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කැමැත්ත පළකර බවත් එයට දායකත්වය දෙන්න සූදානම් බව නමුත් රජයෙන් එයට ප්‍රතිචාරයක් තිබුණේ නැහැ මෙවැනි ආණ්ඩුවලින් ජනතා අභිලාෂයන් ඉෂ්ට වෙයිද හිතන්න අමාරුයි.

ආණ්ඩුවෙන් ස්වාධීන වෙච්ච කණ්ඩායම් පසුගිය කාලයේ ආණ්ඩුවේ අන පනත් වලට ඡන්දෙ දුන්නා විදුලි බල පනත නියෝජ්‍ය කථානායක තේරීමේ වැනි දේවල් වලදී ඡන්දය දුන්නා.මෙහිදී කුමක් කරයිද විස්වාසයක් නැහැ.

විපක්ෂයේ සම්මුතියක් නැත්තම් ඉදිරිපත් වෙන්න වැඩක් නැහැ සම්මුතියක් ඇති කර ගන්න පුළුවන් වුනොත් හොඳයි අපි උත්සාහ කරනවා සම්මුතියක් ඇතිකර ගන්න ජනතා අපේක්ෂාව පොහොට්ටුවෙන් ආණ්ඩුවක් නෙමෙයි පොහොට්ටුවෙන් ආණ්ඩුවක් පොහොට්ටුවෙන් අගමැතිවරයා ගේන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ අපේ පැත්තෙන් කිහිපදෙනෙක් කඩාගන්න බලයි නමුත් එය සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි පක්ෂ නායකයින්ගේ නායකත්ව කැමැත්ත අනුව ආණ්ඩුවට එකතු වුණොත් පමණයි සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙන්නේ.

මා පෞද්ගලිකව කැමති මැතිවරණයකට දැන් අපේ රටට ඕන අලුත් ආණ්ඩුවක් එය ඔලුගෙඩි මාරු කරලා හදන ආණ්ඩුවක් නෙමෙයි සැබෑ ජන මතය අනුව පිහිටුවන ආණ්ඩුවක් එවැනි ආණ්ඩුවක් බලයට පත්වුණාම ජනතාව අවුරුද්දක් හෝ එකහමාරක් මේ රටේ ප්‍රශ්න විසඳන්න කාලය දෙනවා ජාත්‍යන්තර ප්‍රජාවත් කැමති අලුත් ආණ්ඩුවක් එක්ක ගනුදෙනු කරන්න. මේ දැන් ඉන්න ජනාධිපතිට ජනවරමක් නැහැ තමන්ගේ ආසනේ වත් දිනා ගන්න බැරි උනොත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇරුණම දෙවනියට ඡන්ද ගත්තේ සජිත් ප්‍රේමදාස මැතිතුමා හෝ විපක්ෂ නායක සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් ඒ ආණ්ඩුව තුළ ඔහුට යම්කිසි බලයක් එන්න ඕන.

සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් අපි හැමදාම සාකච්ඡා තියෙනවා වැඩපිළිවෙළක් හැදුවා රු විපක්ෂනායක තමා මගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් හැදුවා ඒක අපි ආර්ථික සහ දේශපාලන වශයෙන් බෙදුවා එහි අදහස් අරගෙන පක්ෂ වලට ඉදිරිපත් කලා ඒවට කැමැත්තත් ප්‍රකාශ කළා ඒ සියල්ල කරා අපි ආණ්ඩුවක් හදනවා නම් සම්මුතියක් එකඟතාවයක් තියෙන්න ඕන’

– Media Unit

33,479 views

28 Comments to “පොහොට්ටුවෙන් ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙකු පත් කරන්න හදනවා.. අරගලයේ අරමුණ ඒක නොවෙයි…”

  1. Asoka says:

    මැතිවරණ කොමිෂන් සභාවක්, මැතිවරණ ක්‍රමයක්, පාර්ලිමේන්තුවක් තියෙන අපිට දේශපාලන අරගලකරුවන්ගෙ තීරණ වැඩක් තියෙනවද? මේක නැවත නැවත සිදුවන්න ඉඩ තියන්න එපා. අරගලයේ ඉන්නෙ සුළු පුමාණයයි. ආර්ථික පුශ්ණ තිබුණත් නිහඩව ඉන්න මහඡනතාව කැමතියි ඒව පුඡාතන්තවාදීව විසඳ ගන්න.

  2. රොනි says:

    ගන්ජා කාරයො අරගලකරුවන් මෙන් පෙනිසිටිමින් කල ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස සිටින්නේ කිරිඇල්ල ද ?

  3. සුරා says:

    එතකොට තෝවගේ ,රාජිත වගේ හොරු, ඉන්න පුතානෝව පත්කරන්නද කියන්නෙ. තොපි ඔක්කොම එපා කියල කියන්නෙ අරගලයෙන්.
    මේ කාලකණ්නි තවත් කියෝනව , පනුවෙ ගහල මැරිල යන්න ඕන උන්.

  4. Gamarala says:

    පොහොට්ටුවට නැවත හිස ඔසවන්න ඉඩ නොදෙමු

  5. Saradiyal says:

    Thopi okkotama Bala thanhawa 225 ta eka theeranayakata enna ba umbala me ratata sapayak.

  6. JR says:

    ඒයි මචා එළකිරියා… මන්ත්‍රීවරු මිලට ගන්න සල්ලි නැත්තං අර හන්තානෙ අල්ලපු ඉඩං කට්ටි කරල දෙමුකෝ… ඔය තියෙන්නෙ විසඳුම… ඕන ගොනෙකුට හන්තානෙ ඉඩං අල්ලන්න ඇහැකිනෙ…😂
    🎤හන්තානේ කඳු මුදුන සිසාරා 🎵 ඉඩමක් වී ඊ එන්නම්.. ම්.. ම්..🎵
    ඔබේ සුවඳ රැඳි ඔප්පුව දීලා..🎵
    මන්ත්‍රී වරු ගන්නම්.. ම්.. ම්..🎵

Main News