පොහොට්ටුවෙන් තරග වදින ‘වියත්මග’ අපේක්‍ෂකයන් මෙන්න.. වියත්මග නිල වශයෙන් ප‍්‍රසිද්ද කරයි…

June 28, 2020 at 10:32 pm | lanka C news
පොහොට්ටුවෙන් තරග වදින ‘වියත්මග’ අපේක්‍ෂකයන් මෙන්න.. වියත්මග නිල වශයෙන් ප‍්‍රසිද්ද කරයි…

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් තරග වදින වියත් මග සංවිධානයේ නියෝජිතයන් එම සංවිධානය විසින් ‍ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

එම සංවිධානයේ නිල ෆේස්බුක් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති එම අපේක්ෂකයින් ගණන එකොළොස් දෙනෙකි.

වියත්මග සංවිධානය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්නයෙන් දැනට වසර කිහිපයකට පෙර පිහිටවූවකි.

එම ලැයිස්තුව මෙසේය.

කොළඹ – සරත් වීරසේකර, අනුර ප‍්‍රනාන්දු
ගම්පහ නාලක ගොඩහේවා
මාතලේ – නාලක කෝට්ටෙගොඩ
දිගාමඩුල්ල – තිලක් රාජපක්ෂ
හම්බන්තොට – උපුල් ගලප්පත්ති
අනුරාධපුර – චන්න ජයසුමන
කුරුණෑගල – ගුණපාල රතනසේකර
මහනුවර – උදයන කිරිදිගොඩ

ජාතික ලයිස්තුව – අජිත් නිවාඩ් කබ්රාල්, සීතා අරඹෙිපොල

2,510 views

73 Comments to “පොහොට්ටුවෙන් තරග වදින ‘වියත්මග’ අපේක්‍ෂකයන් මෙන්න.. වියත්මග නිල වශයෙන් ප‍්‍රසිද්ද කරයි…”

  1. Rabok says:

    If you love this country – please vote for these candidates and send them to Parliament then GR will have good support in the Parliament and will be able to carry forward his Programme for the development of this country

  2. Aurora says:

    ගම්පහ අපි අපේ මනාපය සලකුණු කරනවිට මෙම මැතිවරණයේ ඉහලින්ම සිටින උගත් මිනිසා නාලක ගොඩහේවා මැතිතුමාට මනාපයක් සලකුණු කරමු. එතුමා මේ රට වෙනුවෙ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද විශාල වැඩ කොටසක් ඉටුකළ වියතෙකි. තම පෞද්ගලික සුභසෙතට වඩා රට වෙනුවෙන් කැපවුන දේශප්‍රේමියෙකි. ඔහු ගම්පහට ශක්තියක් මෙන්ම ආලෝකයක්.

    • ලෝරිස් says:

      නාලක ගම්පහින් එක කරමු. වියත්මඟ එවිට පෙනේ අගේ.

  3. Nishantha says:

    Then, beauti queen Oshadi Hewamadduma from Badulla….?

  4. Nishantha says:

    Then, beauti queen Oshadi Hewamadduma from Badulla….?

  5. උගත්තු, බුද්දිමත්තු යැව්වාට වැඩක්‌ නෑ නායකයා කපටි හොරෙක් නම් වියත් මගේ ඔක්කොම වහල්ලු වෙනවා.

    • KK says:

      We have an excellent leader, not like Ranil, Sajith or Anura.

    • කුක්කු කු කුමාරි ඔයා අනුභය කරලා තියෙන්නෙ කාගේ වසුරුද? නොදන්නවා නම් නොදන්න විදිහට ඉන්න මයේ අම්මා.

  6. 77 UNP says:

    මේ දේශප්‍රේමීන් බලාසිටි අවස්ථාවයි. ජනාධිපති තුමාට ශක්තිය දෙමු, දේශප්‍රේමීන්, උගතුන්, රටට වැඩක් කර ප්‍රතිපල පෙන්වූ වියතුන් හට මනාපයක් පලකිරීම අපට ලැබුණ රන්මය අවස්ථාවකි.

  7. amila says:

    මෙම ලයිස්තුවේ සිටින පිරිස බොහොමයක් දේශයට සහ ජනතාවට තම වෘතිය දිවිය තුලින් ඉමහත් සේවයක් කල පිරිසකි. මහාචාර්ය චන්න ජයසුමන යනු තරුණ වෛද්‍යවරයකු ලෙස විශාල කාලයක් කෘෂි කලාපවල මිනිසුන් මියයන වකුගඩු රෝගය සම්බන්දව පර්යේෂණ කල සහ කෘෂි රසායනික සහ ඒවා නිපදවන සමාගම් වලට විරුද්ධව ජනතාවගේ පැත්තේ සිට විශාල සටනක් කල පුද්ගලයෙකි. එසේම ජනතාවට හානියක් වන කවර හෝ සෞක්‍ය කරුණකදී ඒ ගැන වෛද්‍ය විද්‍යාත්මකව ජනතාව දැනුවත් කරන අයෙකි. මේ නිසාම තම ජිවිතයට ලබා ගත හැකි බොහෝ දේ අහිමි කරගත් පුද්ගලයෙකි.

    • Prabath says:

      බම්බුව. මිත්‍යාව හා සිංහල අන්තවාදයෙන් හෙළුව වහගත් පොහොට්ටු කුක්කෙක් බං මූ. අනුරාධපුරේ මිනිස්සුන්ට මූ කරපු ලබ්බක් නෑ. මේ වගේ තක්කඩි හොඳ කඩේ යන්න මිස ප්‍රතිපත්ති හදන්න නෙවෙයි.

  8. amila says:

    උගත් වුවාට වැඩක් නැත. ඔවුන් ජාතියට රටට ආදරය කරන දේශ හිතෛෂී බුද්ධිමත් පිරිසක් විය යුතුය.
    අතීත අපේ හෙළ තාක්ෂනය වෙදකම සිරිත් විරිත් හදුනා ගත් සහ වර්තමාන ලෝකය තුල හොදින් ගනදෙනු කළහැකි පිරිසක් විය යුතුය. උපාධි සහිත කළු හම පොරවාගත් සුදු ඒජන්තවරු නොවිය යුතුය.
    වියත් මග බොහොමයක් දෙනා දේශයට ආදරය කරන වෘතිය හැකියාවන් සහිත පිරිසකි. ලාංකිකයින් මේ යහපත් මිනිසුන් පාර්ලිමේන්තුවට යවා රටේ අනාගතය යම් තරමකින් හෝ ඉහලට ගන්න.

  9. Hesh says:

    හොදටම මදි. පාර්ලිමේන්තුව සුද්ද කරගන්න ලැබුනු හොද අවස්ථාවක් උද්දච්ච පොහොට්ටුවෝ නැති කරගත්තා.

  10. kumdhar says:

    ඇයි?, අනිත් දිස්ත්‍රික්කවලින් වියත්මග අපෙක්ෂකයන් නැත්ද?
    එයින් හැඟවෙන්නේ, අනිත් දිස්ත්‍රික්කවල වියතුන් නැත්ද?, නැතිනම් ඉන්න වියතුන් වියත්මගේ නැත්ද?

Main News