පොහොට්ටුවෙන් නුවරඑලියෙන් තරග කරනවා..- මුත්තයියා කියයි..

February 22, 2020 at 10:40 am | lanka C news
පොහොට්ටුවෙන් නුවරඑලියෙන් තරග කරනවා..- මුත්තයියා කියයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ගොඩ නැගිමට රැගෙන යන වැඩ පිලිවෙලට සහයෝගය දැක්විම පිණිස ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි තමන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමග නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට බලාපොරොත්තු වන බව( හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වන  ) මුත්තයියා ප්‍රභාකරන් මහතා පැවසිය.

මුත්තයියා ප්‍රභාකරන් මහතා මේ බැව් පැවසුවේ පසුගිය දා නොර්වුඩ් පොලිස් වසමට අයත් බිලින්කිබොනි වතුයායේ වතු නිවාස පේලියක් ගිනි ගැනිමෙන් අවතැන් වුවන් සදහා නිවසට අවශ්‍යය උපකරණ ලබාදිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මුත්තයියා ප්‍රභාකරන් මහතා කියා සිටියේ තම පියා මස්කෙලිය ප්‍රදේශයේ උපන් අයෙකු බවත්, වතුකරයේ ජනතාවගේ දුක හොදින් අදුනන අයෙකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක් වි වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් ඉහල නැංවිමේ අපෙක්ෂාවෙන් තමන් එලඹෙන මහ මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට අපෙක්ෂා කරන බවය.

එ සදහා මේ වන විටත් වතුකරයේ ස්ථාන කිහිපයකම පොකුරු රැස්විම් පැවැත්වු බවත් මුත්තයියා ප්‍රභාකරන් මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

25,782 Viewers

9 Comments to “පොහොට්ටුවෙන් නුවරඑලියෙන් තරග කරනවා..- මුත්තයියා කියයි..”

  1. Lol says:

    Me muththaiya nemei apita one,

  2. සිංහල බන්ඩා says:

    දෙමළ ජනතාවට වෙනම ගමනක් නැහැ. ඔවුන් සිංහලයන් සමග එකට එක්වී කරට කර දේසපාලනය කර දියනු විය යුතුය්.

  3. Fedrick Krishan senarath says:

    දිගම්බර්ම් හා තොන්ඩාට ලේසි වෙන්නේ නැහැ චන්දය දිනන්න නම් මුත්තයියාගේ අභියෝගය වතුකරයේ තියෙනවා එනිසා මෙවර යුඑන්පි එක වතුකරයෙන් පසුබැසිමක් තියෙන්නේ මුත්තයියාගේ පැමිණිම යුඑන්පි එක ප්‍රවේසමෙන් බුද්ධිමත්ව මැතිවරණය මෙහෙයවන්නට නොහැකි නම් අනිවාර්යයෙන්ම දැවැන්තම පරාජයක් උරුමකරගන්නවා අප්‍රේල් 26

  4. සිරියාවතී says:

    සතුටුයි … රවි කරුණානායක වගේ සිංහල නමක් දාගෙන එන්න පුළුවන්නම් තවත් සතුටුයි …

  5. ජඹුරේවෙල චන්දරේ says:

    ඔබතුමා අනිවාර්යයෙන්ම වැඩිම මනාපයෙන් දිනනවා. එය වැලක්වීමට කිසිවෙකුට බෑ. මහින්ද මහත්තයට ශක්තියක් වීමට වාසනාව ලැබේවා.

    ඔබතුමාට ඊශ්වර දෙවියන්ගේම පිහිටයි. බුදු සරණයි.

  6. Eiffel says:

    පොහොට්ටුවට කතිරය ගසමු.

    නූගත්, වනචාරී, මැරකම් කරන අපතයන්ට මනාප නොගසමු.

    ගෝඨාභයගේ පාර්ලිමේන්තුව උගතුන්ගෙන් සහ වැදගතුන්ගෙන් පුරවමු.

  7. Deshan says:

    ඔන්න මුරලිත් දැන් හොරෙක් වෙනවා. එච්චරට කුහක කරලා තියෙන්නෙ අපේ මිනිස්සුන්ව අර 3% වයිරස් එකෙන්.

  8. sunimal says:

    ජය පතමු

Main News