පොහොට්ටුවෙන් පනස්දාහක සටන් බලඇණියක් හදයි..
July 24, 2018 at 8:40 am | lanka C news
පළාත් සභා මතිවරණය වේවා ජනාධිපතිවරණය වේවා ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ නායකයා බවට පත් පත් කරවීමේ ආධාරකයක් බවට පත් කර ගත යුතු බවත් ඒ සදහා සියලු බල මුලු අදහස් වලින් හා ක්‍රියාවෙන් පෙළ ගැසිය යුතු බවත් පළාත් පාලන ප්රගතිශීලි සේවක සංගමයේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය .
ඒ මහතා එසේ කිවේ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ප්රගතිශීලි සේවක සංගමය පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වෙමිනි .
එහිදී විජේසිංහ මහතා මෙසේ ද කිවේය .
‘පළාත් පාලන සේවකයා රටේ හැම දෙනාටම කලින් සේවය පටන් ගන්නේ .ඔහුගේ සේවා අවශ්‍යතාවය පැල්පතේ දුගී ජනයා මෙන්ම මහා මන්දිර වල වාසය කරන ඉහළ පැලැන්තියත් ලබා ගන්නවා .මේ පිරිස හෙලන දහදිය වෙනුවෙන් ඔවුන්ට ඊට සරිලන වැටුපක් ලැබෙනවාද යන්න අපට ප්‍රශ්නයක් වී තිබෙනවා .රැකියාවේ අයිතීන් රැකගැනීම ,විවිධ දීමනා වැටුපට එකතු කර ගැනීම ,සේවා ව්‍යවස්ථාව වහා අනුමත කරවා ගැනීම ඇතුලු අයිතිවාසිකම් රැසක් දිනා ගැනීමට තිබෙනවා .ඒසදහා 50000 ක සේවක සටන් මධ්‍යස්ථානයක් ලගදීම ආරම්භ කිරීමට අපි තීරණය කළා .මේ රටේ ලගදීම බලය ලබා ගන්නා දෙශපාලන පක්ෂයක අපි කොටස් කාරයන් වෙනවා .ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන තීන්දු ගන්නා ඉහළ මණ්ඩලය දක්වා අපේ සංවිධානය නියෝජනය වෙනවා .
මේ රටේ නායකයා බිහි කරමින් ඔහු සමග අපේ සේවා අයිතීන් දිනා ගැනීමට ඉඩ සැලසේවි .අපට මෙසේ සටන් කිරීමට හැකි වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තය අපටත් රටටත් නිදහස උදා කර දුන් නිසයි .2018 ජනවාරි 8 වෙනිදා කුමන්ත්‍රණ කල්ලි දැවැන්ත අපරාධයක් කළා .ඒ නිසා රට අරාජික වෙලා තිබෙන්නේ .ඒ වරද නිවැරදි කිරීමේ ඓතිහාසික වගකීම වැඩ කරන ජනතාව වෙත පැවරී තිබෙනවා .එය අත් හළ නොහැකි සමාජ වගකීමක් .ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ නායකයා බවට පත් කර ගැනීමේ එක් ආධාරකයක් බවට පත් කර ගත යුතු වෙනවා .පොදු ජනයාගේ පැතුම එයයි .එය අපි ඉටු කරන්න ඕනෑ .ඒ දිනය නුදුරේම එළබෙන බවත් ඒ සදහා වැඩ කරන ජනතාව සුදානම් බව දේශපාලන අධිකාරියට අධිෂ්ඨානයෙන් යුතුව දැනුම් දෙන බවත් කියා සිටිනවා’
NIL BALAKAYA den nedda? සටන් බලඇණියට T56 K demu
JAYAWEWA …JAYAWEWA //
JAYAWEWA ///////.
We are trade unionist.we have enough streth to depeat activities what ever against working class.
Viplawayata jayawewa ! Kamkaru Govi Ranawiru aanduwak !