පොහොට්ටුවෙන් මෛත‍්‍රීට ජනාධිපතිවරණයට ඉල්ලන්න දෙන්නේම නෑ.. මහින්ද නොඉල්ලුවොත් මගේ සහයෝගයත් නෑ..

February 26, 2019 at 3:00 pm | lanka C news
පොහොට්ටුවෙන් මෛත‍්‍රීට ජනාධිපතිවරණයට ඉල්ලන්න දෙන්නේම නෑ.. මහින්ද නොඉල්ලුවොත් මගේ සහයෝගයත් නෑ..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටුවෙන් තරග වැදීහට ඉඩ නොදන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් ඉදිරිපත් කිරීම පොහොට්ටුවේ අදහස නිසා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටු සහාය නොලැබෙනු ඇතැයිද ඔහු පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වුවහොත් තම සහයෝගය ලබා දෙන බවත් වෙනත් කිසිවෙකුට තම සහාය ලබා නොදෙන බවත් ඔහු තව දුරටත් කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ හාලිඇලදී මාධ්‍ය අමතමිනි.

270 views