පොහොට්ටුවේ අපේක්ෂකට විරුද්ද වූවොත් ශ්රීලනිපය සමග සන්ධාන නැ..- බැසිල්
August 9, 2019 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුවහොත් එම පක්ෂය සමඟ සන්ධාන ගත වීමක් සිදු වීමට ඉඩ නැතිවිය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ශ්රීලනිපය සමඟ සන්ධානගත වූවා කියා තම පක්ෂය විශේෂ ජයග්‍රහණයක් නොලබන බවත් ඔවුන් සමග සන්ධාන ගත නො වූවා කියා පරාජය වීමක්ද සිදු නොවන බවත් ඔහු සඳහන් කළේය.
11 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට පෞද්ගලික ආරාධනා කර නැති බවද හෙතෙම පැවසීය.
සමුළුවට ආරාධනා කර ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කරන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා පමණක් බව ද ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් සමුළුවට ආරාධනා නොකිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පවත්වන සන්ධාන සාකච්ඡාවලට බාධාවක් නොවන බව ද ඔහු පැවසීය.
හිටපු ඇමැතිවරයා මේ බව කියා සිටියේ කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
SLFP is playing a game ..
They are definitely waiting till Sajith gets the nomination.
If Sajith get the nominations, Sorysena and the gang will turn the ship 360 degrees.
BUT Village level SLFP members will never vote to Sajith..
sirisenage slfp rump eka onama nae. un naethi eka hondai. sira pohottu jayata baadawak. sajithata sambanda unama unp’yatath kelewenawa. sajith tath kelewenawa. ootath kelewenawa. ake wenta idaharinne. pambaya wedakma nae ratata.
රනිල්ට කඩේ ගිය අය ගන්න එපා
well said Basil
ඔව් ඇල් වතුර වගේ. එකතු උනා කියලා අමුතු දිනුමකුත් නැහැ. වෙන් උනා කියලා අඩුවකුත් නැහැ.
අනේ දෙව්දත් නොදුටු මොක්පුර කිව්වලු. ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. හිටන්ගෙ ආප්ප කුමන්ත්රනයෙන් රටත් ශ්‍රීලනිපයත් නැත්තට නැති උනා. ඒත් තාම හිටන් හිතන් ඉන්නෙ එයා මනාප අතර අන්ක එක කියල. අපි පව්