පොහොට්ටුවේ අරියාදු උහුලන්න බෑ.. වෙනම තරග කරන්න අප සූදානම්..- ශ‍්‍රීලනිපය කියයි..

February 9, 2020 at 10:40 am | lanka C news
පොහොට්ටුවේ අරියාදු උහුලන්න බෑ.. වෙනම තරග කරන්න අප සූදානම්..- ශ‍්‍රීලනිපය කියයි..

ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇති කරගත් එකඟතා නිසි පරිදි ක්‍රියාත්මක වන ආකාරයක් මේ වන විට පෙනෙන්නට නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

එවැනි තත්ත්වයක් තුළ ඉදිරි මහ මැතිවරණයේදී විකල්ප කි‍්‍රයාමාර්ගයක් වෙත අවතීර්ණ වීමට හෝ වෙනම තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සිදුවනු ඇති බව එම පක්‍ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පැවැසීය.

ඔහු පෙන්වා දෙන්නේ සන්ධානයක් යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්‍ෂ සමඟ ඒකාබද්ධව තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැමැත්තෙන් සිටින බවයි.

එකඟතා අනුව යෝජිත සන්ධානයේ නිසි තැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලබාදීමට පොදුජන පෙරමුණේ බොහෝ දෙනෙකුගෙන් අකමැත්ත ප‍්‍රකාශ වෙමින් ඇති බවද ඔහු කියා සිටියේය.

ලක්‍ෂ 15 ට වැඩි ඡන්ද පදනමක් සහිත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නිසි තැන හිමි විය යුතු බවත්, එසේ නොවන්නේනම් තනි පක්‍ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්වීම සිදුවන බවත් රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසයි.

කෙසේ වෙතත් කවර තත්ත්වයක් යටතේ හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

– aruna

25,203 Viewers

15 Comments to “පොහොට්ටුවේ අරියාදු උහුලන්න බෑ.. වෙනම තරග කරන්න අප සූදානම්..- ශ‍්‍රීලනිපය කියයි..”

  1. Janathawa says:

    wenama enna api dennam hodata. madi nokiyann. Sirisenayath wenama enna. mun ekathukara gaththoth podu jana peramunata lebena chandath aduwenawa sikurui. mokada apith kemathi nehe

  2. kawinda says:

    hariyata hari. siduwiya yutta eyai. wenama tharanga karala aanduwak hadanna mahansi ganna. mama upathinma pohottuwe nowei. SLFP ekata thamai chande dunne. eth den api hemoma pohottuwe. hethuwa pohottuwa ratata aadaren rata wesiyaata aadaren rata goda negeemata katayuthu karanawa. penawa ne maithtreepaala wahana gaththu heti..? ohoma un pohottuwata onada..?

    • P. Chang Hutang says:

      ඇයි සරල දිවිපෙවෙතක් ගත කිරීම සඳහා සාදා ගත් පැජට් පාරේ පැල්කොටේ?

  3. බන්ඩා says:

    ශ්‍රිලනිප ට අද ලක්ෂ 15 ක ඡන්ද පදනමක් නැහැ. වැඩිම උනොත් ලක්ෂ 5ය්. සිරාගෙ ෆොටෝ එක ගහගන පොහොට්ටුවෙන් ඉල්ලුවොත් ආසන පහය්. ගෝඨාගෙ මහින්දගෙ ෆොටෝ ගහ ගත්තොත් ආසන 10 ය්. මහාචාරි තුමා යතාර්ථය තේරැම් ගත්තොත් හොඳය්.

  4. හිටං says:

    අනේ බං ඉල්ලං කන්නෙ නැතුව පොහොට්ටුවෙන් ඉල්ලන්න ට්‍රයි කරපන් නැත්නම් ලොවෙත් නැහැ …තොපිට ගු පුච්චං කන්න වෙන්නෙ …

  5. සිංහල බන්ඩා says:

    මට නම් පොහොට්ටුව ද පුටුවද කියන එක වැදගත් නහැ. මා වැනි බොහෝ අය චන්දෙ දුන්නෙත් දෙන්නෙත් ගෝඨා ගේ ජාතිකත්වයට සහ අව්‍යාජ වැඩ පිලිවෙලටය්. නමුත් අර ‘කැපුවත් කොල හරක්’ වගේ ශ්‍රිලනිප ක්‍රියාකාරීනුත් අප අතර ඉන්නවා. පාර්ලිමේන්තු මැතිවරණයෙදි 2/3 ට ආසන්නව වත් ගන්න ගෝඨා ට ඒ අයගෙත් සහාය නැතුව බැහැ. ප්‍රසන්න වගේ අය ඒ බව අමතක නොකල යුතුය්. ශ්‍රිලනිප ⁣අද හිටං සිරිසේන මෙහයවන එක වෙනම කතාවක්.

    • NAK says:

      While it is true that a 2/3 rd majority is a necessity, Sirisena must not be allowed to hold SLPP to ransom.
      Let them contest separately and join the government as an allied party.

  6. Aurora says:

    කවුරුත් බලන් ඉන්නේ ඔය කියන ලක්‍ෂ 15 තියෙන්නේ කොහේද කියල. ආප්ප සිරා SLFP එකේ නායක කමින් එලවල දැම්මොත් ලක්‍ෂ 2-3 ගන්න පුළුවන්. නැතිනම් sorry.com තමයි. එයාලංකා එකට වතුර කෝප්පයක් ඩොලර් 7.80 ට (රු.1400.00ට) අරගත්ත පට්ටම හොරෙක් වුන සිරිපාල, බුකි මෑන් ද ක්‍රිකට්, හම්බන්තොට වරාය විකුණන ගිවිසුම අත්සන් කරන්න අර්ජුන බැහැ කියපු වෙලාවේ ඒ ගිවිසුම අත්සන් කරපු අපතයා ආදී ද්‍රෝහීන් සහ හොර රංචුව පොහොට්ටුවෙන් වෙන්වෙලා චන්දෙ ඉල්ලා දිනන හැටි බලමු.

  7. Nish says:

    වියත්මග වෙනම ඉල්ලුවනම් හරි. ශ්‍රීලනිපේ වගේම පොහොට්ටුවෝත් ඕනවට වඩා ඉදිමෙනවා.

    • nuwaraone says:

      මාත් මේ කතාවට සම්පූර්ණ එකගයි …..ශ්‍රිලනිප දෙපත් නයි ඕනිත් නැහැ ….පොහොට්ටු හොරු කුපාඩි කසිප්පු කාරයෝ ඕනිත් නැහැ ….ගෝටා ජනාධිපතිතුමා වියත්මග දාලා ඉල්ලුවොත් අනිවා ආසන 125 ට වඩා ගන්නවා….දැන් රටේ මිනිස්සුන්ට unp.slfp..slpp..jvp එපා වෙලා ඉන්නෙ …පොඩ්ඩක් හරි විශ්වාසයක් තියෙන්නේ ගෝටා ජනාධිපතිතුමාව විතරයි …

  8. අක්බාර් ලොක්කා says:

    කොහේද බං ඔය ලක්ෂ 14 තියෙන්නේ?

    • shaliya says:

      බැංකුවෙලු, කාඩි එකෙන් ගන්නැතිලු, පාස් පොතින්ලු ගනුදෙනු කරන්නේ

  9. නෙවිල් says:

    ශ්‍රිලනිප දෙපත් නයි ඕනිත් නැහැ ….පොහොට්ටු හොරු කුපාඩි කසිප්පු කාරයෝ ඕනිත් නැහැ ….ගෝටා ජනාධිපතිතුමා වියත්මග දාලා ඉල්ලුවොත් අනිවා ආසන 125 ට වඩා ගන්නවා….දැන් රටේ මිනිස්සුන්ට unp.slfp..slpp..jvp එපා වෙලා ඉන්නෙ …පොඩ්ඩක් හරි විශ්වාසයක් තියෙන්නේ ගෝටා ජනාධිපතිතුමාව විතරයි …

  10. හෙළයා says:

    කොළ නිල් රතු කවුරුත් වගේ ගෝඨාභයට කැමතී.ගෝඨාභය ජනාධිපතිතුමාට වියත්මග හරහා මුළු ලංකාවෙම ජනතා ආකර්ෂණය දිනාගන්න පුළුවනි. අපි කවුරුත් එකතු වෙලා 2\3 බලය ගෝඨාභය ජනාධිපතිතුමාට ලබාදීමයි අවශ්‍ය.

  11. shaliya says:

    ඔය ගොන් රැළ ඔය දේ කලින් හිතුවනම් අද ආණ්ඩු බලය අත ලග,

Main News