පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…
October 24, 2019 at 2:10 pm | lanka C news
බඩු මිල ඉහල ගොස් ඇති බවට වෙලද දැන්වීම් හදන ආයතනවලට හෙණ වැදිය යුතු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.
ඉදිරි වසරේ පළමු මාස හතර වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඇමතිවරයා මේ බව පැවසුවේය.
එකී වෙලද දැන්වීම්වල ඇත්තේ බොරු බවත් තම පාර්ශවයට සත්‍යයේ ශක්තිය ඇති බවත් ඔහු කියා සිටියේය.