පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප්‍රතිශතය 40%යි.. අපි 51%යි.. අපි දිනුම්.. චම්පික ආලාපාලු සූත්‍රයෙන් සාධනය කර පෙන්වයි..
March 6, 2018 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගිය මැතිවරණයේ ලබා ගෙන ඇත්තේ 40.66% ප්‍රතිශතයක් බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
ගිය ජනාධිපතිවරණයට හංසයා ලකුණින් එක්වූ පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇතැයිද ඔහු කියයි.
මාධ්‍ය ආයතනවලින් වාර්තා කර ඇත්තේ අසත්‍ය ප්‍රතිඵලයක් යයිද ඔහු සදහන් කරයි. කෙසේ වෙතත් ඔහු පවසන සත.්ය ප්රතාඵලය ගත් මූලාශ්‍රය සදහන් කර නැත.
එමෙන්ම මැතිවරණ කොමිසම විසින් මේ වන තෙක් අවසන් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත්කර නොමැත. ඉතිහාසයේ මුල් වතාවට තැපැල් ඡුන්ද ප්‍රතිඵල වෙනම නිකුත් නොකලේද මෙවර මැතිවරණයේදීය.
ඇමතිවරයාගේ ෆේස්බුක් අඩවියේ සදහන් කර ඇති වාර්තාව මෙසේය.
පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප්‍රතිශතය 40%යි.
මාධ්‍ය ආයතන ප්‍රකාශ කළ පළාත් පාලන ආයතනවල ජාතික ප්‍රතිශත ගණනයන් වැරදියි.
පොහොට්ටුවේ සැබෑ ජාතික ප්‍රතිශතය : 40.66%
(මාධ්‍ය ආයතනවලට අනුව : 44.65%)
එජාපයේ ජාතික ප්‍රතිශතය: 29.40%
(මාධ්‍ය ආයතනවලට අනුව : 32.63%)
ශ්‍රිලනිප + එජනිස ප්‍රතිශතය : 12.38%
(මාධ්‍ය ආයතනවලට අනුව : 13.38%)
ජවිපෙ ප්‍රතිශතය : 5.8%
(මාධ්‍ය ආයතනවලට අනුව : 6.27%)
මේ වරද සිදුවූයේ කෙසේ ද?
බොහෝ මාධ්‍ය ආයතන ජාතික ප්‍රතිශත ගණනයේදී සළකා බලා ඇත්තේ මූලික පක්ෂ කීපයක් (ශ්‍රි.පො.ජ.පෙ, එ.ජා.පෙ, ශ්‍රි.ල.නි.ප + එ.ජ.නි.ස, ජ.වි.පෙ, දෙමළ සන්ධානය ආදිය) ලබාගත් ඡන්ද 11,069,417 සියළු වලංගු ඡන්ද ලෙස ගැනීමෙනි.
නමුත් සෙසු පක්ෂ හා ස්වාධින කණ්ඩායම් සියල්ලේ වලංගු ඡන්ද ප්‍රමාණය ද සමග සියළු වලංගු ඡන්ද ප්‍රමාණය 12,214,901ක් තරම් වේ. මේ අනුව ඒ ඒ පක්ෂවල ජාතික ප්‍රතිශතය වෙනස් විය යුතුය.
ජනවාරි 8 ජනවරම හා ආණ්ඩුවේ අනාගතය.
මෙහිදී වැදගත් වන්නේ ආණ්ඩු හැදීමට කතා කරනා මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ 40%ක් පමණක් වීමයි.
මේ අනුව ගත් කළ එජාප හා ජනාධිපතිතුමාගේ ශ්‍රිලනිපය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට 42%ක් ලැබී ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ යටතේ එක්වූ පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇත.
මේ අනුව තවමත් 2015 ජනවාරි 08 ජනවරමෙන් ජනතාව ඈත්වී නැති බව පැහැදිලිය. දැන් අවශ්‍යව ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙක එකතු කරන කඩිනම් ජාතික වැඩපිළිවෙලක් හා සෙසු සහායක පක්ෂවලට ගැටුම් ඇති නොවන ක්‍රියාමාර්ග ගැනීමය.
පාඨලී චම්පික රණවක
FB
ජනමතයවත් ගරුකරන්නේ නැතිව බොරු තර්ක ගෙන මේවගේ පිස්සු මිනිස්සුන්ව දැන්වත් අයින් කරලාදන්න ඕනේ. මු ලංකාවේ ඉන්න බයානකම සත්වයෙක්. හම්දුරුවන් අන්දගෙන බැලුව. දැන් වෙන සින්දුවක.
meyage hathara kendraya paluda danne naha, yana yana pakshaya iwarai
රාජපක්ෂල ගැනම දොඩවන්නෙ නැතුව හාමුදුරැවන් ගෙන් කොටා ගන අද එජාපෙ නැට්ටක් හැටියට පවත්වගන යන හෙල කරැමයෙන් ඉදිරිපත් කල උන් කී දෙනෙක් දිනුවද උන් ඔක්කොම ගත්ත චන්ද ප්‍රතිශතය ගැන කිව්වොත් නරකද චම්පුකයො.
29.4+12.38+5.8=47.58
kohomada meka 51 karanne
CHAMPAKO. YES YOUR PEOPLE WON. SO MADE COLLARS UP. THAT’S ALL.
champikayata hodatama pissu
The people will no longer believe these double- faced, pseudo-patriotic persons,who have endorsed the appointment of very biased and partial NGO characters to the dissapearence persons finding committee.The people tend to believe that these persons may commit any betrayal which is detrimental to the country, in order to remain in power.It is clearly evident , when we look at the some persons they have appointed for the above commission.
Shut your bloody big mouth. You think you are a maestro. Go to hell .