පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගැන රාජපක්‍ෂ පවුලේ තීරණය ජනපතිට දන්වයි..

March 19, 2019 at 10:22 pm | lanka C news
පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගැන රාජපක්‍ෂ පවුලේ තීරණය ජනපතිට දන්වයි..

මීලග ජනාධිපති අපේක්‍ෂකව සම්බන්ධයෙන් රාජපක්‍ෂ පවුල විසින් ගෙන ඇති බවට වාර්තා වන තීරණය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දන්වා ඇති බව වාර්තා වෙයි.

රාජපක්‍ෂ පවුලට සමීප ජ්‍යෙෂ්ඨතම මන්ත‍්‍රීවරයෙක් ජනාධිපතිවරයාට මේ සම්බන්දයෙන් තොරතුරු පවසා ඇතැයි සදහන්ය.

කෙසේ වෙතත් ඒකාබද්ද විපක්‍ෂය හෝ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් නිල වශයෙන් තීන්දුවක් ගෙන නැතැයිද ඔහු විසින් ජනාධිපතිවරයාට දන්වා ඇත.

මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතා නම් කිරීමට රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් විසින් පවුලේ සාදයකදී තීරණය කර ඇති බවට ගිය සති අන්තයේ වාර්තා පල විය.

32,843 Viewers

10 Comments to “පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක ගැන රාජපක්‍ෂ පවුලේ තීරණය ජනපතිට දන්වයි..”

  1. කාන්තිලතා says:

    ජෙප්පන්ටයි, කොටින්ටයි නරක ආරංචියක්!

  2. හතර හිනා says:

    හතර හිනා මේවට…පවුලේ සාදයකදී මිලයන 20ක ජනතාවක් ඉන්න රටක් ගැන තීරණයක් අරගෙනලු
    මේකට කියන්නේ “අයියගේ පවුල” කියලා

    • Rocket says:

      ඒකෙ තේරුම අපි එයලගෙ පවුල කිවුවොත් අනිවර්යයෙන් අහනවා කියන එකනේද?

  3. Karu says:

    පවුල ඇතුළේ කා-කොටාගන්නවා කියල කතාවක් ගිය නිසා ටිකක් ප්‍රචාරකයකුත් තියෙන්න ඇති. ඒත් ඔවුන් ගත්තේ ඔවුන් අතර තීරණයක්.ඒක ඒ පවුල කරන හැටි. ඔබගේ පවුලේ වෙන ක්‍රමයක් තියෙන්න පුළුවන්.ඊට පස්සෙ ඒක පක්ෂයෙන් අනුමත වෙන්න ඕනෑ.

    අනෙක මහින්ද කියන්නෙ දෙවරක් ප්‍රධාන පුරවැසිය වෙච්ච කෙනෙක්.එහෙව් එකේ ඒ ඒ අයට උරුම ආචාර සමාචාර විදි ජනතාව කතා කරනවා. ඔබත් එහෙම රටේ ප්‍රධානිය වුණොත් අපි ඔබගේ හා පවුලේ මේ වගේ දේවල් ගැන කතා කරනවා.

    අන්තිමට ඔබටත් ඔහොම දෙයක් කරන්න හිතුණොත් අඩුම ගානෙ තාත්තගෙන් හරි අහනව නේද?

    පවුලක ජනප්‍රසාද බව හා ජන ආකර්ෂණීය බව(charisma) දේශපාලනයට බලපාන එක අප රටට පමණක් සීමා වී නැත.එමෙන්ම එය පරම්පරා ගානක් ජනතාව අතර කැපකිරීම් කර ගොඩ නගා ගන්නා දෙයක්.

    ඊර්ෂ්‍යා කරන්න එපා.

    • සිරා says:

      රාජපක්ෂලාගේ වහල් බත්බැල බලූගැත්තන්ගේ කරේ තුවාය තිය‌ෙනකන් “හොර and Horror” රාජපක්ෂලාගේ කරේ සාටකය තියේවි….

      • Kamal says:

        තොපිවගේ රතු අලි පැටවු ඉන්නකම් පරගැති රනිලා බලේ ඉඳීවි;

        කාන්තාවන්ගේ ජංගිවලට කප්ගහපු රට කියල උදම් අනාවි.

        • හැකහැක says:

          මිනිහා මීලඟ දේශපාලන වේදිකාවේදී කිව්වොත්,

          “මහත්වරුනි, ලෝකයේ වැඩියෙම සමනල්ලු ඉන්න කැබිනට් එක තියෙන්නෙත් අපේ රටේ” කියල,

          ඒ ගැනත් පුදුම වෙන්ඩ එපා!

        • සිරා says:

          රනිල්ව බලයේ තියන් ඉන්නේ රාජපක්ෂ බව දැන් මුලු රටම දන්නවා….හාමුලා දෙන්නා ගැන උංගේ ප්‍රවේණිදසයෝ දන්නේ නෑ…..උන් උන් ඩීල්

          • දන්න තරම says:

            ඒකද මහින්දල අය-වැයට විරුද්ධව ඡන්දෙ දුන්නෙ?

      • darshana says:

        මෙන්න රනිල් වික්කාම සිංහට කඩේයන නොම්බර එකේ කුහක ජෙප්පෙක්!

Main News