පොහොට්ටුවේ නායකත්වය 11 වැනිදා මහින්දට පුදයි.. විශේෂ සමුළුවට ගෝටාටත් විශේෂ ආරාධනා..

July 12, 2019 at 12:02 am | lanka C news
පොහොට්ටුවේ නායකත්වය 11 වැනිදා මහින්දට පුදයි..  විශේෂ සමුළුවට ගෝටාටත් විශේෂ ආරාධනා..

හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට පත්කිරීමට තීරණය කර තිබේ.

ලබන මස 11 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදී මෙම නව පත්කිරීම් සිදුකිරීමට නියමිතය.

නායකත්වයට පත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා හඳුන්වාදීමට ද නියමිතව ඇත.

සමුළුව ලබන මස එකොළොස් වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් තිබේ.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාද එම සමුළුව සදහා විශේෂ ආරාධිතයෙක් ලෙස කැදවීමට නියමිත බවද වාර්තා වෙයි.

21,937 Viewers

4 Comments to “පොහොට්ටුවේ නායකත්වය 11 වැනිදා මහින්දට පුදයි.. විශේෂ සමුළුවට ගෝටාටත් විශේෂ ආරාධනා..”

  1. SPM says:

    ආඩම්බරයි ශ්‍රීලංකා

  2. Open mind says:

    තවමත් පො.ජ.එ.පෙ. යැයි මන්ත්‍රී ධූරය ආරක්ෂා කරන්න ලිපි යැවූ අමරවීර මොනවා කියයිද ?

  3. Emma says:

    පක්ෂ සාමාජිකත්වය අහෝසි වී, ප.මෙ. මන්ත්‍රී කමත් අහෝසි වෙන වැඩක්.

Main News