පොහොට්ටුවේ මීලග නායකයා බැසිල් රාපක්‍ෂයි.. විමල් පිං ඇමති කෙනෙක්..- මහින්ද පතිරණ

February 20, 2021 at 10:26 pm | lanka C news
පොහොට්ටුවේ මීලග නායකයා බැසිල් රාපක්‍ෂයි.. විමල් පිං ඇමති කෙනෙක්..- මහින්ද පතිරණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකයා ලෙස තම තේරීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන පොහොට්ටුව ලකුණ බැසිල් රාජපක්ෂ මහතා අදින ලද්දේ ඔහු සිරගත කර සිටියදී බවත් ඒ මහතා පවසයි.

විමල් වීරවංශ මහතා කථිකයෙක් පමණක් බවත් දේශපාලඥයකු නොවන බවත් පවසන ඔහු ‘විමල් පිං ඇමති කෙනෙක්’ යැයි ද කියා සිටී.

විමල් වීරවංශට බැසිල් රාජපක්ෂ සමග ගැටුමක් ඇතැයිද පවසන ඔහු විමල් වීරවංශට වඩා සාගර කාරියවසම් පොහොට්ටුවේ බර ඇද්ද බවද සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

39,240 views
Main News