පොහොට්ටුවේ සිටි පක්‍ෂ රැසක් එජාපය සමග එක්වෙයි…

June 14, 2022 at 10:40 am | lanka C news
පොහොට්ටුවේ සිටි පක්‍ෂ රැසක් එජාපය සමග එක්වෙයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ දේශපාලන පක්ෂ රැසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට තීරණය කර තිබේ. එම පක්ෂවල නායකයින් මූලික සාකච්ඡාවලින් අනතුරුව පසුගියදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මේ බව පැවැසූහ.

ඉලංගෙයි මක්කල් දේශීය කච්චි වෙනුවෙන් එහි මහලේකම් එස්.විශ්නුකාන්තන්, දෙමළ එක්සත් නිදහස් පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දුසුයන්ත් මනලංගම්, ප්‍රගතිශීලී ජනතා සේවක පක්ෂය වෙනුවෙන් එහි උප සභාපති ඉන්දික සූරියආරච්චි, ශ්‍රී ටෙලෝ වෙනුවෙන් එහි මහලේකම් පී.උදයරාසා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක ආචාර්ය එන්.කුමාර ගුරුභවන්, එක්සත් කොංග්‍රස් පක්ෂය වෙනුවෙන් එහි නායක ඒ.එම්. මුබාරක්, ලංකා කොමියුනිස්ට් එකමුතු සංවිධානය වෙනුවෙන් එහි මහලේකම් ඊ.තම්බයියා, එක්සත් ශ්‍රී ලංකා පෙරමුණ වෙනුවෙන් එහි නායක ජගත් කරුණානායක, ශ්‍රී ලංකා එක්සත් එකමුතු පක්ෂය වෙනුවෙන් එහි නායක එම්.එස්.එම්. සතීක් යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්වූහ.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම සාකච්ඡා සදහා එක්වූයේ පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතායි. එක්සත්ව හා රටට වැඩදායී ලෙස දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීම ඉතා ඉක්මනින් සිදුවිය යුතු බව ඉහත පක්ෂවල සියළු නායකයින් අවධාරණය කළහ. ඒ වෙනුවෙන් පූර්ණ දායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමටද ඔවුහූ එකගතාව පළකළහ.

එමෙන්ම ඉදිරි දෙසතිය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පුළුල්ව සාකච්ඡා සිදුකිරීමටත්, අනතුරුව පුළුල් හා ජනතාවාදී දේශපාලන ක්‍රියාවලියකට අවතීර්ණ වීමටත් ඔවුන් කැමැත්ත පලකරන ලදී.

– මාධ්‍ය ඒකකය

68,087 views

17 Comments to “පොහොට්ටුවේ සිටි පක්‍ෂ රැසක් එජාපය සමග එක්වෙයි…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    එහෙම තමයි හොඳ.
    පොහොට්ටුව කවදාවත් වට්ටන්න බැහැ. රුපියල් විස්සට බුදියන හිඟන ගෑනි වගේ පොහොට්ටුව දැං රනිල් ට අල්ලනවා. ඊලඟට අනුරට, සජිත් ට රතනට, ඔය හැම එකා ට ම රුපියල් විස්සට රෙද්ද උස්සන්වා.

    පොහොට්ටුවට ජය නියතයි

  2. Sinhalaya says:

    Me okkoma widesikayan panaya me kalakanni paharayanta puluwanda sinhala bawdda ratata yahapathak karanna unp eka winasa wela okunwa hedigeevilama yawi .oya rangayata vodka wathura karanna mewaranam behe denagan tho jathidrohi hiwalek

  3. කොපාරිස් says:

    එකම රිලා රංචුව මේ කැලෙන් ඒ කැලෙන් මේ කැලේට පැන පැන මුලු රටම විනාස කරනව!
    🙄🙄🙄

  4. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    සටක අලි..

    ගොන් බයියෝ, ටොයියෝ පුප උඩ දාගෙන පක්ෂ දෙකට කඩේ ගියාට උන් ඔක්කොම එකයි කියලා තමා දන්නේ නෑ

  5. Jayantha says:

    අම්මටසිරි. අදමයි මේ වගේ පක්ශ තියෙනවා කියලත් දන්නේ. මුන්ගේ නම් ඇහුවෙත් අදයි. වැඩිම වුනොත් 50ක් ඉදිවී මුන් ඔක්කොම එකතු කලත්. 😅

  6. Sirimal says:

    Two wheel parties.

  7. lanka says:

    මෙහෙම දේශපාලන පක්ෂ ලංකාවෙ තිබුනද

  8. අපේ රට says:

    යකො සමහරක් පක්ෂ නම් අදයි ඇහැවිවෙ.

  9. Kiza says:

    මම නං හිතන්නේ නැහැ මේ පක්ෂ වලට එතරම් ජනපදනමක් තියනවා කියල.
    වඩා වැදගත් වෙන්නේ සමගි ජන බලවේගය (ස.ජ.බ.) සමග දැනට කටයුතු කරන (කලින් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කල) විශේෂයෙන් චම්පික රණවකගේ (43වන සේනාංකය), මනෝ ගනේෂන්ගේ සහ රවුෆ් හකීම්ගේ පක්ෂයන් එකතු කරගන්න එක. ඒවායේ ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂය සමග ගැටීමක් නැහැ. (චම්පික රණවක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකය කරන්න පුළුවන් නම් එක win win deal එකක්). අද හෙටම සරත් ෆොන්සේකා කොටසක් කඩාගෙන යනවා හිටපු අයගෙන් කොටසක් ආපසු එ.ජා.ප ට එනවා (සජිත්ට යන එන මං නැති වෙනවා ෂුවර්). පොහොට්ටුවෙත් රාජපක්ෂ විරෝදී කොටසක් ගන්නත් try කරන්න ඕන.

  10. Wijebahu says:

    Ranils sole objective is to destroy Sajith. But getting together with 2.50 parties will not achieve that.

Main News