පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්‍ෂක ගෝටා රටෙන් පැන ගිහින්..

January 31, 2018 at 2:10 pm | lanka C news
පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්‍ෂක ගෝටා රටෙන් පැන ගිහින්..

මිග් යානා ගනුදෙනුවේ දී සිදු කළ දුෂණ වංචා හේතුවෙන් අත්අඩංගුවට ගැනීමේ බිය නිසා පොහොට්ටුවේ ආනාගත ජනාධිපති අපෙක්ෂකයා රටෙන් පැනගොස් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයෙන් මහර ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ දී පැවැත්විනි. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

‘රටේ ප්‍රධාන පෙලේ පුවත්පත් කතුවරයෙකු ප්‍රථම වරට ඝාතනය කළේ රාජපක්ෂ යුගයේ දීයි. ඒ ලසන්ත වික්‍රමතුංග මහතායි. හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදු කළ මිග් යානා ගණූදෙනුව පිළිබද මාධ්‍ය යේ ලිපි පළ කිරීම එම ඝාතනයට හේතු වී තිබෙනවා. එය රණවිරු ගැහිල්ලක්. අද මෙම රණවිරුවා රටෙත් නැහැ. ඇමරිකාවට පැනලා ඉන්නේ. පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂකයා ඔහුයි. රටේ නැති අනාගත ජනාධිපති අපේක්ෂකයා ලංකාවට එන්නේ දොලොස්වන දායි. ඒ මැතිවරණය අවසන් වූ පසුවයි. අත්අඩංගුවට ගනියි කියලා රටෙන් පැනලා ඉන්නේ. නමුත් එම රණවිරු ගෝඨාභය අත්අඩගුවට ගැනීමට සියල්ල සුදානම්. චෝදනා ඔප්පු වී තිබෙනවා. ඉදිරිකාලයේ දී හිරේ විලංගුවේ වැටෙනවා. මිග් යානා ගණුදෙනුවෙන් හොරකම් මුදල හොංකොං බැංකුවල තැන්පත් කර තිබෙනවා. එම මුදල් ඉන්දීය ජාතිකයින් පස් දෙනෙකු විසින් තැන්පත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය වැරදි කළ පුද්ගලයින්ටත් දඩුවම් ලබාදෙනවා. පක්ෂයේ උපනායක රවීකරුණානායක මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස තිලක් මාරපන කමිටුව නිර්දේශ කර තිබෙනවා. මේ පිළිබදව අග්‍රාමාත්‍යවරයා අපි සමග සාකච්ඡාවකුත් පැවැත්වූවා. එයයි අපේ පක්ෂයේ වෙනස. කඩිනමින් තීන්දු තීරණ ගන්නවා. රජය පිහිටුවීමට දායක වූ පමණින් සියලු දෙනාම ශුද්ධවන්තයින් වෙන්නේ නැහැ. මීට පෙර එස්.ඩබි.ආර්.ඩී බණ්ඩාරනායක මහතා තල්ගොඩපිටිය කමිටුව මගින් අමාත්‍යවරු 04 දෙනෙකුගේ අමාත්‍යධූර ඉවත් කළා. හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ අඩුම තරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුවත් ඉවත් කළේ නැහැ. දුෂිතයින් ගමන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ වාහනවලින්.

ලිචිඡවි රාජ්‍ය පාලනයේත් වැරදි තිබුනා. එම නිසා එම වැරදි විසදන්න බුදුරජාණන් වහන්සේටත් වඩින්න සිදු වුනා. වැරදි කරන අයට දඩුවම් ලබාදිය යුතුයි. අග්‍රාමාත්‍යවරයා හොරකම් කරන පුද්ගලයෙක් නම් කෝප් කමිටුවේ සභාපති ධූරය ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට ලබාදෙයි ද. එක්සත් ජාතික පක්ෂය දුප්පතාගේ රජයක් බවට පත් කර තිබෙනවා. පිරිසිදු නායකයින් දෙදෙනෙකු රට පාලනය කරනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මැතිවරණ වේදිකාවේ දී එකිනෙක ප්‍රකාශ කළත් පෙබරවාරි 10 වනිදායින් පසු එම ප්‍රකාශ අවසන් වෙනවා. පෙබරවාරි 11 වනදායින් පසු යහපාලන රජය ඉදිරියට ගෙනයන ආකාරය පිළීබදව එම නායකයින් දෙදෙනා කරුණු ඉදිරිපත් කරනවා.

පසුගිය රජය සමයේ බලු වැඩ කරන්න කියනකොට බැහැ කියපු පොලිස් නිලධාරීන් ද ඉන්නවා. මහර එක්සත් ජාතික පක්ෂ සංවිධායක ප්‍රිශාන්ත ජයකොඩි මහතා එවැනි නිලධාරියෙක්. බලු වැඩ වලට විරුද්ධ වූ ඔහු නිල ඇදුම ගලවා දමා පොලිස් සේවාවෙන් ඉවත් වුනා. 2018 වසර පසුගිය රජයේ දුෂිතයින් සිරගෙට යන වසරයි. 2020 වනවිට ඔවුන්ගේ ලිපිනය තිබෙන්නේ වැලිකඩ හිරගෙදරයි. එහිදී රාජපක්ෂලා හමුවෙන්න පුලුවන්. මම රාජපක්ෂලාට විරුද්ධව කථා කරන නිසා ඔවුන් මා සමග විරුද්ධයි’

– ප‍්‍රසන්න අධිකාරී

31 views

27 Comments to “පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්‍ෂක ගෝටා රටෙන් පැන ගිහින්..”

  1. Major Nuwan says:

    Lasantha W was killed by Vel Vidanes order not GR. We have eye witnesses and physical evidences to prove this.

    • SAMAN says:

      Y don’t u provide the evidence and file a case..any way GR will never b the president..he is only receive a mandate of 35% of all Sinhalese.. good option but not good enough..bad luck go to hell

  2. බකට් කටා says:

    බකට් කටා බෙහෙත් හොරා ? රාජිතයා බකට් කටා?

  3. daminda says:

    OKKOMA KUNU KATHA BRUWELA BOKKENN..?

  4. අම්මප ඔව් කෝ බං උබේ පවුල says:

    කාලෙකින් දැක්කෙත් නෑ. අම්මප ඔව් කෝ බං උබේ පවුල. me දවස් වල උන්දැත් රට ගිහිල්ලද?

  5. RP from Canada says:

    මට පුදුම මහින්ද මේ වගේ මි හරක් රැලක් (මෛත්‍රී ඇතුළුව) ආන් බාන් කරගෙන ආණ්ඩුවකුත් කළා කියන එකයි. මීට වඩා ඔලුව තියෙන එවුන් අඹේවෙල ෆාර්ම් එකේ ඉන්නවා.
    මුන් ටික දැන් බුමි තෙල් වැදිච්ච ගැරඬි රෑනක් වගේ දගලමින් කටට එන එක කියෝමින් අපේ මුදලින් රටබේරගත් නායකයින්ට බැන වදිනවා. මේකා හරියට මයික් එක ගත්තහම වලන් කඩේට රිංගපු අම්බරුවෙක් වාගේ. මේ 10 වෙනිදා ජනතා තීන්දුව බලමු! ඊට පස්සේ කතාකරමු.

  6. Yellow Cats says:

    PRRA + Jitha Leader talks about the future of Sri Lanka….

  7. Channa says:

    මහින්දගේ හොර පවුල හැර ඕනම කෙනෙක් බලයට ආවත් අපට කම් නැත.